කරන්නාගොඩත් ගොඩ : අධි චෝදනා විභාගය අත්හිටුවයි!

 කරන්නාගොඩත් ගොඩ : අධි චෝදනා විභාගය අත්හිටුවයි!

පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව පැවත්වෙන අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (25) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

එම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ  අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වනතරු බලපැවෙත්වෙන පරිදි මෙම අතුරු නියෝගය නිකත් කරනු ලැබ ඇත.

අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

එසේම රිට් පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලබන මස 22 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර ඇත.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න කියා සිටියේ මෙම නඩුවේ අධිචෝදනා සම්බන්ධයෙන් වගකිවයුත්තේ නීතිපති නොව අගවිනිසුරු බවය. ජනාධිපති නීතිඥ  සරත් ජයමාන්න වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර හිටපු නාවික හමුදාපති  වසන්ත කරන්නාගොඩ වෙත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිතාසි නිකුත් කර තිබුණත් ඔහු මේ දක්වා අධිකරණයට ඉදිරිපත් නොවී හිතාමතාම අධිකරණය මගහරිමින් සිටින පුද්ගලයෙකු බව ය.

පෙත්සම්කරු පිරිසුදු දෑතින් අධිකරණය හමුවට පැමිණ නොමැති හෙයින් ඔහු ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පෙත්සම්කරු නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත් ඔහුට එරෙහි නඩු විභාගය අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූවොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වීමට එය හේතුවක් වනු ඇතැයිද අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් කරුනු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල අතුරු නියෝගය නිකත් කර තිබේ.

ලබන මස 23 දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුටද නොතිසිද නිකුත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න