බෝට්ටු සාක්ෂිය ජබොග් : රිෆ්කාන්ගේ නීතිඥයා සත්‍ය කියන්න කොමිසමෙන් අවස්ථාව ඉල්ලයි !

බෝට්ටු සාක්ෂිය ජබොග් : රිෆ්කාන්ගේ නීතිඥයා සත්‍ය කියන්න කොමිසමෙන් අවස්ථාව ඉල්ලයි !
හිටපු බුද්ධි අංශ ප්‍රධානියකු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ  උතුරු පළාත් හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් සම්බන්ධව සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බැවින් ඒ පිළිබඳව සත්‍ය  කරුණු දැක්වීමට ඉල්ලා කොමිසම වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.
 
උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් එම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ ඔහුගේ  නීතිඥ ශහ ෂම්ස් ( Shaha Shums ) විසින් ය.
 
මාධ්‍ය වාර්තා කළ  ආකාරයට  හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයෙකු  2020 . 06. 22 වනදා  අදාළ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා ඇත්තේ  සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබියදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් විසින් ඔහුව බෝට්ටුවක් හරහා ඉන්දියාවට පළායාමට සහය දී ඇති බවයි.
 
මෙහිදී උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් ඔහුගේ නීතිඥයා ජනාධිපති කොමිසම වෙත යොමුකළ ලිඛිත ඉල්ලීමේ සඳහන් කර ඇත්තේ අදාළ කරුණ සම්බන්ධව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු සිදුවීමක් බැවින් එහි ජාතික වැදගත්කම සලකා එළැඹෙන සතිය තුළ මෙම කරුණු දැක්වීමේ අවස්ථාව ලබාදෙන ලෙසයි.
එසේම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස අදාළ ප්‍රකාශය හේතුවෙන් තම සේවාදායකයාගේ කීර්ති නාමයට බරපතළ කැළලක් සිදුව ඇති බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් පෙන්වාදී  ඇත.
එමෙන්ම  ජනාධිපති විමර්ශන කොමිසමකට අදාළ නීති අනපණත් ප්‍රකාරව අදාළ කරුණු දැක්වීම සිදුකිරිමට තම සේවාදායකයාට  අයිතියක් ඇති බවත් නීතිඥවරයා විසින් ජනාධිපති කොමිසම වෙත යොමුකළ  එම ලිපියේ අවධාරණය කර තිබේ.
අදාළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

shasha 950px

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න