Language Switcher

V2025

ඇමරිකාවේ නිවේදනයක් : MCC ගිවිසුම ගැන ගුණරුවන් වාර්තාවේ විශ්වාසය ගැන ප්‍රශ්නයක් !

MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසු අදාල කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙමින් කමිටු සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, සිදුකළ ප්‍රකාශ අභියෝගයට ලක්කරන නිවේදනයක් ඇමරිකාවේ මෙරට තානාපති කාර්‍යාලය නිකුත්කර ඇත.

ඒ නිවේදනය පහත දැක්වෙයි.

FB IMG 1593230216060

කෙසේ වුවත් මහාචාර්ය ගුණරුවන් පවසා සිටියේ පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව සහ මෙරටට අවස්ථා දෙකක දී අමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි යනුවෙනි.

එසේම ලීඩර් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ කොළඹ පිහිටි MCC කාර්යාලයේ ප්‍රකාශකයකුද පවසා ඇත්තේ  කියාය.MCC (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්) ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් කිසිඳු මුදලක් මුදාහැර නැති බවය.

විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසු 'ගුණරුවන් කමිටු වාර්තාව' සම්පාදනය කෙරිණ.

MCC ගිවිසුම රටට අනතුරුදායකයි - 'ගුණරුවන් කමිටුව' කියයි

MCC ගිවිසුම අත්සන් කිරීම මඟින් රට අනතුරුදායක තත්ත්වයකට පත් වන බවත්  කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසයි.

ඔහු පවසන්නේ MCC ගිවිසුම අත්සන් තැබූ අනෙකුත් රටවල් මුහුණ දී ඇති අත්දැකීම් සමග සැසදීමේදී එය තවදුරටත් තහවුරු වන බවය. 

'ගුණරුවන්ගේ වාර්තාව' රටට හෙළිකරන්න ;

මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව විසින් ආණ්ඩුව රටට හෙළිකළ යුතු බව අතුරලියේ රතන හිමි පවසා ඇත.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ MCC ගිවිසුමට අදාළ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව අමෙරිකානු තානාපති කාර්යාලය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවය.  

පසුගියදා  පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව පැවසුහ.

කෙසේවෙතත් අදාළ කමිටු වාර්තාවට පටහැනිව කිසිදු ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකරන බව පසුගියදා  පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.  

මේ අතර MCC ගිවිසුම සමාලෝචන කිරීමට පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ජනතාවගේ අවධානය සඳහා යොමුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබේ.  

අදාළ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී පසුගිය  25 වනදා  භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා වෙත ඔහු මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම්වරයාට එහිදී උපදෙස් දී ඇත.

2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය‍ ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගිවිසුම අධ්‍යයනය මේ කමිටුව පත්කළ අතර ඊට මහාචාර්ය ගුණරුවන් මෙන්ම  ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඞී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ  නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර, කමිටුවේ සෙසු සාමාජිකයින් විය.