මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින් සඳහා ජුනි වැටුප තවමත් ගෙවා නෑ !

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින් සඳහා ජුනි වැටුප තවමත් ගෙවා නෑ !

අගමැති මහින්ද රජපක්ෂ මහතාගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින් සඳහා මෙම මස (ජුනි) වැටුප් තවමත් ගෙවා නොමැති බව එහි සේවකයෝ පවසති.

මේ වනවිට ආයතනය තුළ ඇතිවී තිබෙන දැඩි මූල්‍ය අර්බුදයක් හේතුවෙන් වැටුප් ගෙවීමට නොහැකි වී ඇතිබව පවසන එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම මස වැටුප් ගෙවීම සදහා සංචාරක ටිකට්පත් ආදායම් නොලැබීමද හේතුවක් වූ බවයි.

ඒ හෙතුවෙන් ආයතනය සතු ස්ථාවර තැන්පතු යොදවාගැනීමට මුලින් සැලසුම් කරතිබූ බවත් එම කාර්යය අගමැතිවරයාගේ උපදෙස් පරිදි අත්හැර දැමූ බවත් පවසන එම ප්‍රකාශකයා අනාවරණය කරන ලදී.

වැටුප් ගෙවීම තවත් දින කිහිපයක් ප්‍රමාද වන බවත් දැනට මුදල් සොයා ගැනීමට යෝජනාවී ඇත්තේ ආයතනය සතු ස්ථාවර තැන්පතු ඇපයට තබා වැඩිපොලී ණය මුදලක් ලබා ගැනීමට යැයිද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

මෙම ආයතනය මෙයට පෙර සජිත් ප්‍රෙමදාස ඇමතිවරයා තම මැතිවරණ ව්‍යාපාරය සදහාද විවිධ ක්‍රම ඔස්සේ මුදල් අයතා පරිහරණයට ගෙන මෙහි තිබූ මුල්‍ය ස්ථායීතාවය බිද දැමූ බව මෙම ආයතයේ සේවකයෙකු අප හා පවසා සිටින ලදී.

පැවති රාජපක්ෂ ආණ්ඩුවේ සිල් රෙදි වංචාව හා සමාන වංචාවක් සජිත් ප්‍රේමදාස මහතාද මෙම අරමුදලේ මුදල් යොදා අරමුදලේ මුඛ්‍යාර්තවලට පිටින් කටයුතු කිරීම තුලින් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් වත්මන් රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් නීතිමය කටයුතු සිදු නොකිරිමද විමතියට කරුණකි.

Lanka truth 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න