මාස 3ක් වැටුප් නැතිව සිටි ගෘහ සේවිකාවන් ලංකාවට ගේන්න 120000ක ගුවන් බිලක් !

මාස 3ක් වැටුප් නැතිව සිටි ගෘහ සේවිකාවන් ලංකාවට ගේන්න 120000ක ගුවන්  බිලක් !

කොරෝනා වසංගතයෙන් පීඩා විඳිමින් ලංකාවට එන්නට මාස 3ක් බලා සිටි විදේශ ශ්‍රමිකයන්ගෙන් අසාධාරණ අයකිරීම් සිදුකරන බව ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ’ ජාතික සංවිධායිකා, හේමමාලි අබේරත්න පවසයි.

කොරෝනා වසංගතය නිසා රෝගාතුර වේ යැයි බියෙන්, රැකියා ස්ථානවලින් ඉවත්ව ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් ආණ්ඩුවේ විදේශ රැකියා බලධාරින්ටත් ඉල්ලීම් කළද ඔවුන් තවමත් වසංගතයෙන් පීඩා විඳිමින් මරණයට මුහුණ දී සිටින බව ඇය පැවසුවාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් මහමැතිවරණයට ඉදිරිපත් වූ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක වන හේමමාලි අබේරත්න, ජූනි 24 වැනිදා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනි සේවයේ ‘ගැටුම’ සජීවි සංවාදයට ඒක් වෙමිනි.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධ දුෂ්කරතා අවධානයට ලක්කර ඉල්ලීම් ඉදිරිපත් කළද ආණ්ඩුවේ බලධාරින් ලක්ෂ ගණනක් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් වගකීමෙන් කටයුතු නොකරන බවද ඇය එම රූපවාහිනි සංවාදයහිදී චෝදනා කළාය. එපමණක් නොව, මාස තුනක් වැටුප් නැතිව අන්ත අසරණ වී සිටින මැදපෙරදිග ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ගෙන්වා ගන්නට නම්, ගුවන් ටිකට්පතකට රු120000 ක් අයකරන තත්වයක් ඇති බවද ඇය පවසා සිටියාය. ගුවන් යානාවල ආසන වෙන්කරද්දි අතරමැද හිස් අසුනක් තැබීම නිසා ඒම අමතර අසුනට වූ අයකිරීමද දෙපස සිටින මගීන් ගෙවිය යුතු බව එම විදේශ ශ්‍රමිකයන්ට දන්වා ඇති බව හේමමාලි අබේරත්න රූපවාහිනි සංවාදයේදී අනාවරණය කළාය.

මෙම අනාවරණයන් ගැන ‘ලංකාවීව්ස්’ කළ විමසීමකදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ’ ජාතික සංවිධායිකාව පැවසුවේ, වසංගත තත්වය නිසා රැකියා ස්ථානවලින් ඉවත්කරනු ලැබ හෝ වීසා ගැටලු නිසා අසරණව සිටින 50,000කට අධික විදේශගත ශ්‍රමිකයන් මෙරටට පැමිණෙන්නට අවස්ථා සළසන ලෙස ආණ්ඩුවේ තානාපති කාර්යාලවල ලියාපදිංචිව ඇතිබවය. මේ දක්වා ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස්කර නැති බවද එසේ හව්හරණක් නැතිව මාස 3ක් පමණ නවාතැන්වල හෝ අන් අයගේ පිළිසරනින් දිවිගැටගසාගන්නා ගෘහසේවිකාවන් මෙහිදී විශාල පීඩාවක සිටින බවද ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ඥාතින් හෝ ප්‍රභූ පවුල්වල සාමාජිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් යවන විශේෂ ගුවන් යානා මේ අය වෙනුවෙන් යවන්නේ නැති බවද ඇය ප්‍රකාශ කළාය. විදේශයන්හි සිට තමන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස සමාජ මාධ්‍ය මගින් හෝ දුරකථන මගින් ආයාචනා කරණ ගෘහසේවිකාවන්ගෙන් බිලියන ගණනින් විදේශ විනිමය උපයන ආණ්ඩුවේ මැති ඇමතිවරු සුඛෝපභෝගී වාහන ගෙන්වා ගන්නා බව ඇය පෙන්වා දෙයි.

ගුවන් යානා වෙන් කිරීමේ දුෂ්කරතා ගැනuත් ගුවන් මගීන් ප්‍රවාහනයේදී නිරෝධායන නීති අනුගමනය කිරීම ගැනත් සහ වෙනත් කතා කියමින් ගෘහ සේවයෙන් රටේ ආර්ථිකයට දායක වූ කාන්තාවන් මරණීය ඉරණමකට ඇද දමා පාලක පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් එම අරමුදල් කොල්ලකන පාලකයන් ලැජ්ජා වියයුතු බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ’ ජාතික සංවිධායිකාව  ප්‍රකාශ කළාය.

Lanka views 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න