Language Switcher

V2025

කරුණාගේ අපේක්ෂකත්වය අහෝසි කරන්න - ජාතික විද්වත් සභාවෙන් මැකොට පැමිණිල්ලක් !

2020 මහ මැතිවරණ අපේක්ෂක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් යන අය විසින් අලිමංකඩදි හා කිරිනොච්චියේදී හමුදාවේ නිළධාරින් 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් තමන් විසින් ඝාතනය කිරිම සබන්ධයෙන් අද දින 2020.06.29 දින මැතිවරණ කොමිසමයේ සභාපතිතුමාට කරුණාඅම්මන්ගේ අපේක්ෂකත්වය අහිමි කරන ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම ලිපිය ජාතික විද්වත් සභාවේ සභපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.

මේ සම්බන්ධව නිවේදනයක් බුදුගල ජිනවංශ හිමි විසින් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

කරුණාඅම්මාන්ගේ අපේක්ෂකත්වය අහිමි කළ යුතුය - ජාතික විද්වත් සංඝ සභාව

2020 මහ මැතිවරණ අපේක්ෂක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් යන අය විසින් අලිමංකඩදි හා කිරිනොච්චියේදී හමුදාවේ නිළධාරින් 2000ක් 3000ක් අතර ප්‍රමාණයක් තමන් විසින් ඝාතනය කිරිම සබන්ධයෙන් අද දින 2020.06.29 දින මැතිවරණ කොමිසමයේ සභාපතිතුමාට කරුණාඅම්මන්ගේ අපේක්ෂකත්වය අහිමි කරන ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. 

එම ලිපිය ජාතික විද්වත් සභාවේ සභපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් විසින් මෙම පැමිණිල්ල සිදු කරන ලදි. ඒ සදහා දර්ශනපති පූජ්‍ය  හැඩිගල්ලේ විමලසාර හිමි, ශාස්ත්‍රපති පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි,  පූජ්‍ය ශාස්ත්‍රවේදී බුදුගල ජිනවංස හිමි යන හිමිවරුන් සහභාගි විය.

ඉන්පසුව නාරහෙන්පිට රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන මුලස්ථානයේ දි සවස 2.30 ට මාධ්‍ය හමුවක් පැවත්විණි. ඒ සදහා පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, පූජ්‍ය ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමි,  පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි,  පූජ්‍ය බුදුගල ජිනවස හිමි සහභාගි විය. 

තවද ජනාධිපති නිතීඥ අනුර මැදගොඩ මහතා සහභාගි විය. එහි දී ඕමල්පේ නාහිමියන් ඇතැම් දේශපාලකයින් අංගුලිමාල චරිතය හා කරුණා අම්මාන්ගේ චරිතය සමාන කර කතා කිරීම සම්පුර්ණයෙන්ම වැරදිය. අංගුලිමාල හිමියන් රහත් භාවය ලැබූ මහතෙරනමකි. උන් වහන්සේ කිසි දිනක අතිතයේ තමන් කළ වැරදි පිළිබද උද්ධාමනයට පත්වුයේ නැත. අද කරුණාඅම්මාන් තමන් කල වරද ගැන පසු තැවෙන්නේ වෙනුවට තමන් කල වරද උද්දාමයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි.

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා කියා සිටියේ මෙය අපරාධ නිතිය අනුව වැරදි බවත් සුදුසු අධිකරණයකදී පරික්ෂා කර දණ්ඩනය ලබා දිය හැකි වරදක් වන බවත් ය. ලංකාවේ නිතිය අනුව මසුෂ්‍ය ඝාතයට දණ්ඩනය මරණ දණ්ඩනය බව කියා සිටියේය. මෙම සිදුවිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට පවා යා හැකි වරදකි. එසේම ජනාධිපති නීතිඥතුමා වැඩි දුරටත් පෙන්වා දුන්නේ 1949 ජිනිවා ජාත්‍යතර සම්මුතින් වලින් ද මෙම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය වැරදි බවයි. එම නිසා මේ සම්බන්ධයෙන් වහාම නීති ක්‍රියාත්මක කල යුතුය.

අදාළ කරුණ සම්බන්ධව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සිදුකළ පැමිණිල්ල පහත දැක්වෙයි.

ඕමල්පේ හිමිගේ පැමිණිල්ල මෙන්න !

මහින්ද දේශප්‍රිය මැතිතුමා                                                           

2020.06.29

 

සභාපති

මැතිවරණ කොමිෂන් සභාව

සරණ පාර, ශ්‍රී ජයවර්ධනපුර, 

කෝට්ටේ.

ගරු සභාපතිතුමනි,

2020 මහ මැතිවරණ අපේක්ෂක විනායමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන අය විසින් අලිමංකඩදී සහ කිළිනොච්චියේදී හමුදා නිළධාරීන් 2000 ත් - 3000 ත් අතර ප්‍රමාණයක් තමන් විසින් ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රසිද්ධියේ පිළිගැනීම

මෙවර 2020 මහ මැතිවරණය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරඟ වදින එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කළ විනායමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන අය විසින් අම්පාර නාවිගම් ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබදව 2020 ජුනි මස 19 වන දින සිරස ටී.වී නාලිකාවේ සවස 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය  තුළින් ප්‍රචාරය වූ අතර එහිදී එම තැනැත්තා සිදු කරන ලද ප්‍රකාශය පහත උපුටා දක්වා ඇත.

 “........කාර්තිවු සභාපතිවරයා මා ගැන ප්‍රකාශයක් කරල තියෙනව. කරුණා අම්මාන් කොරෝනාවට වඩා භයානකයි කියල. ඒක ඇත්ත තමයි, එයා කියපු එක. කොරෝනා ඇවිල්ල මැරුණෙ නව දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩදී 2000 ක් 3000 ක් විතර හමුදාව මරා දැමුව, තේරෙනවනෙ. එයා කියපු එක හරි. කමක් නෑ. කිළිනොච්චිවලත් කී දාහක්ද.........”

ඒ අනුව විනායමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන අය ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ සිදුකරන ලද මෙම ප්‍රකාශය තුළින් “මිනීමැරීම” නම් වූ දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක්  සිදුකරන ලද බවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට පිළිගෙන තිබේ. 

මොහු විසින් මැතිවරණ නීති පිළිනොගනිමින් පාර්ලිමේන්තු පනතේ 79 වන වගන්තියට අනුව ඡන්දය ලබාගැනීම වෙනුවෙන් වක්‍රව හෝ ඍජුව ඡන්ද දායකයා වෙත අයුතු බලපෑම් සිදුකරමින් ජාතිවාදී උසිගැන්වීමක් සිදුකර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු පනතේ 81 වන වගන්තිය යටතේ මොහුගේ මේ ක්‍රියාකලාපය සහ ප්‍රකාශයට එරෙහිව මෙවර මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකුට යටත් නීති මත පදනම්ව ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටිමු.  

මෙයට විශ්වාසී,

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්ථවිර

සභාපති, 

පිටපත් - 1. මහාචාර්ය රත්නජීවන් එච් හූල් මහතා, සාමාජික, මැතිවරණ කොමිෂන් සභාව

      2. එන්.ජේ. අබේසේකර මහතා, සාමාජික, මැතිවරණ කොමිෂන් සභාව

      3. සමන් ශ්‍රී රත්නායක මහතා, මැතිවරණ කොමසාරිස් ජනරාල්, මැතිවරණ මහලේකම් 

      කාර්යාලය