මෙන්න තවත් කොරෝනා ප්‍රථිපලයක් !

මෙන්න තවත් කොරෝනා ප්‍රථිපලයක් !

ඊයේ (10) රාත්‍රීය වනවිට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2454 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (10) දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 300 කි.

වැලිකඩ සිරකරුවෙකුටත් කොරෝනා !

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහලේ බාබර්වරයෙකු ලෙස යොදවා සිටි සිරකරුවෙකුට ය.

මෙම සිරකරුවා කන්දකාඩු සිට රැගෙනවිත තිබූ සිරකරුවන් කිහිපදෙනෙකු රඳවා සිටි සිරකුටියක සිටි අයෙකු බවත් ඔහු පසුව බන්ධනාගාර රෝහලේ වට්ටු ගණනාවක බාබර් පාටියේ රාජකාරි සිදු කොට ඇති බවත් පැවසේ.

මෙම සිරකරුවාට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය කරගැනීමෙන් පසු ඔහුව කොළඹ IDH රෝහල වෙත යොමු කර ඇත.

පැල්මඩුල්ලේ හිමිවරුන් 5 නිරෝධායනයට !

මේ අතර කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරි කළ දෙදෙනෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේ පිහිටි තම නිවෙස් වෙත පැමිණ සිටීම හේතුවෙන් එම නිවෙස්වල සාමාජිකයින් 05 දෙනෙකු සහ විහාරස්ථානයක හිමිවරු 05 නමක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ විසින් ඊයේ (10) කටයුතු කර ඇත.

පැල්මඩුල්ල සන්නස්ගම, කිරිවැල්දෙනිය ප්‍රදේශයේ සහ පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ මෙම නිවාස පිහිටා තිබේ.

කිරිවැල්දෙනිය නිවෙසට පැමිණි පුද්ගලයා ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩි කාලයක් ගත කර තිබීම හේතුවෙන් එම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා 05 නමක්ද නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරි කළ දෙදෙනෙ මේ වනවිටත් එම මධ්‍යස්ථානය වෙත නැවත යවා ඇතැයි පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂවරිය සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න