තවත් කොරෝනා ප්‍රතිඵලයක් : රාජාංගනයේ තැපැල් ජන්දය කල් යයි : බස් රථ තුළ බිස්නස් තහනම් !

තවත් කොරෝනා ප්‍රතිඵලයක් : රාජාංගනයේ තැපැල් ජන්දය කල් යයි : බස් රථ තුළ බිස්නස් තහනම් !

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිදු නොවීය.

ඒ සම්බන්ධව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ඊයේ (12) දැනුම්දීමක් සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

එහිදී වැඩිදුරටත් වාර්තා වන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඡන්ද විමසුම සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිසම මගින් ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර ඇති බවය.

රාජාංගනයේ සංචාරය තහනම්  !

 එසේම කොවිඩ්  ආසාදිත රෝගීන් කිහිපදෙනෙක් හමු වූ රාජාංගනය යාය 1, 3 සහ 5 යන කලාපවල සංචරණය සම්පූර්ණයෙන්ම අඩාල කර  ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද (13) පැවසීය.

එම තීරණය ගනු ලැබුවේ එම පිරිස්වල ආරක්ෂාවට බව ද ඔහු පැවසීය.

රාජාංගනය ප්‍රදේශයේ පැවති මළ ගෙදර සහ බණ සංවිධානය කළ අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කළේ නම් මෙවැන්නක් සිදු නොවීමට ඉඩ තිබුණු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දුනි.  

වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් ආසාදිතයා මගින් ඇති වූ කන්දකාඩු පොකුර පාලනයට අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවද ඔහු කීය.

"රෝගීන් හඳුනාගැනීම, ස්පර්ශකයින් හඳුනාගැනීම සහ ඔවුන් නිරෝධායනය කිරීම සාර්ථකව සිදුවෙලා තිබෙනවා."

බස් රථ තුළ ජංගම වෙළඳාම් තහනම් !

තවද   කොරෝනා හෙවත් කොවිඩ්-19 කන්දකාඩු පොකුර වර්ධනය වීම හේතුවෙන් රට පුරා යළි කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම නිසා බස්රථ තුළ ජංගම වෙළඳාම තහනම් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය නියෝග කර තිබේ.

බස්රථ තුළ වෙළඳාමේ නිරතවන ඇතැම් ජංගම වෙළෙඳුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය ⁣නොකරණ බවට අනාවරණය වීම හේතුවෙන් මෙලෙස නියොග කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සියලුම ලංගම සහ පුද්ගලික බස්රථවල වෙළඳාම් කිරීම තහනම් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න