රට වටේම කොරෝනා ප්‍රතිඵල ගලා එනකොට : සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව !

රට වටේම කොරෝනා ප්‍රතිඵල ගලා එනකොට : සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව !

කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ ආශ්‍රිතයින් සමාජය තුල සංචරණය කර ඇති බැවින් ඔවුන් හරහා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වී ඇත්නම් ඉදිරියේදී කොරෝනා ආසාදිත රෝගීන් හමුවීමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  පවසයි.

රාජාංගනය, වැලිකන්ද සහ හබරාදුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරුන්ගේ සංචරණ සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් හා ඇසුරු කළ පුද්ගලයින් ගැන බුද්ධි අංශ විසින් සොයා බලා ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරයාගේ පුත්‍රයා පාසැල් ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කොට ඇති බව ඔහු සඳහන් කළේය.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථාන දෙක ආශ්‍රිතව ඇතිව තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දෙවන කොරෝනා රැල්ලක් නොවන බවත් එය පැවති රෝග පොකුරේ තවත් ව්‍යාප්තවීමක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  වැඩිදුරටත් පැවසීය.

රට වටේ කොරෝනා !

මේ අතර කන්දකාඩු  පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය ප්‍රකාශ කර සිටී.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර ප්‍රකාශ කර සිටී.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උප්දෙෂකවරයෙකුට සහ ඔහු සමග එහි ගිය රියදුරෙකුටය.

මීට අමතරව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ අනුරාධපුර කැකිරාව කිතුල්හිටියාව පදිංචි යුද හමුදා නිලධාරියෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි ඊයේ (13) තහවුරු වීමත් සමග අද (14) අලුයම ආරක්ෂක අංශ විසින් ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය කිරීමට පියවර ගත්හ.

මේ අතර කලවාන ප්‍රදේශයෙන්ද රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමත් සමග කඩසාප්පු වසා දැමීමට ව්‍යාපාරිකයන් පියවර ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න