Language Switcher

V2025

මැතිවරණය පැවැත්වීම අසීරුයි : මැකොස කියයි !

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකළහොත් මැතිවරණය පැවැත්වීම අසීරු වනු ඇතැයි දැඩිව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. 

ඔහු මේ බව සඳහන් කළේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (13දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

ප්‍රදේශයේ දින දාහතරක නිරෝධායන කටයුතු අවසන් කළ වහාම තැපැල් ඡන්දය විමසීමේ කටයුතු ආරම්භ කරන බවත් සඳහන් කළ ඔහු ප්‍රදේශයේ පවතින තත්ත්වය මත තැපැල් ඡන්ද විමසීමේ කටයුතු කල් තැබීමට සිදු වූ බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශ නොකර මුව ආවරණ පලඳින්න, අත්සෝදන්න, මීටරය දුරින් සිටින්න කියා ජනතාවට ප්‍රකාශ කිරීම පලක් නොවන ක්‍රියාවක් බවත් එය අනිවාර්‌යෙන්ම ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු දෙයක් බවත් පැවසූ මැතිවරණ කොමිසමේ සභාපති වැඩිදුරටත් මෙසේද පැවසීය.

“කොරෝනා වයිරසයේ දෙවන රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි කියා අප විශ්වාස කරන්නේ නැහැ. අවදානම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අප කරගෙන යනවා. අවදානම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් හා සමාජ දුරස්ථභාවය පිළිපැඳීමෙන් එය වළක්වා ගත හැකියි. සෑම ඡන්ද රැස්වීමක හා සිදුකරන සෑම කාර්යකදීම සෞඛ්‍ය උපදෙස්වලින් කරුණුවලින් දෙකක් හෝ පිළිපඳිනවානම් අපට පුළුවන් මේ අවදානම තුරන්කරන්න.

අප ජනතාවගෙන් හා දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවදානම තුරන් කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරන්න කියා. අනික් අතට කියා නොපමාව සෞඛ්‍ය මාර්ගෝපදේශක ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකර බොරුවට මුව ආවරණ පලඳින්න, අත්සෝදන්න, මීටරය දුරින් ඉන්න කියා කිව්වට වැඩක් වන්නේ නැති වගත් අපි බලධාරීන්ට කියනවා"