රියදුරු බලපත්‍ර සකස් කිරීමේ මෙහෙයුමත් හමුදාවට !

රියදුරු බලපත්‍ර සකස් කිරීමේ මෙහෙයුමත් හමුදාවට !

ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සකස් කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාවට පැවැරීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

සාමාන්‍යයෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1,340ක් වැනි මුදලක් ගෙවීමට සිදු වන අතර පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත් නිකුත් කිරීමේ කොත්‍රාත්තුව හේතුවෙන් මෙරටට හිමි විය යුතු අති විශාල මුදලක් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන බව ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එහිදී පවසා ඇත්තේ, ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රය සකස් කිරීමට යුද හමුදාවට හැකි බවයි.

යුද හමුදාවට කළ නොහැක්කක් නැති බවත් රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සූදානම් බවත් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප්‍රකාශ කළ බව මගී ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර එහිදී පියවර ගෙන ඇත.

(නෙත් නිව්ස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න