මෙවර මහ ජන්දයේ වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා පොහොට්ටුවෙන් !

මෙවර මහ ජන්දයේ වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා පොහොට්ටුවෙන් !

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මේතාක් සිදුවූ වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාවක් සඳහා චෝදනා ලබා සිටින්නේ අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පක්ෂයයි.

ඡන්දය හා සම්බන්ධයෙන් වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා අතරින් හරි අඩක්ම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV) විසින් එළිදක්වන ලද අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ.

වැඩිම ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. අනුරාධපුර සහ බදුල්ල මැරකමින් ඒ ආසන්නයටම පැමිණ සිටී.

පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට තැපැල් ඡන්ද ආරම්භ වූ ජුලි 12 දා දක්වා රට තුල වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගණන 392 කි. එයින් 191ක්ම සම්බන්ධයෙන් පොහොට්ටුවට විරුද්ධව පැමිණිලි ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා 81 ක් සම්බන්ධයෙන් චෝදනා ලබමින් දෙවැනි තැනට පැමිණ ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයයි. ප්‍රචණ්ඩතාවෙන් තුන්වැනි තැන හිමිකර ගන්නේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයයි.

උතුරු නැගෙනහිර පමණක් තරග වදින ඉලංගෙයි තමිල් අරසු කච්චි ප්‍රචණ්ඩ ක්‍රියා 13 ක් ගැන චෝදනා ලබමින් සිව්වැනි තැනත් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය මැරකම් 11 ක් පිළිබඳ චෝදනා ලබා පස්වැනි තැනටත් පැමිණ සිටී.

පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන් සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා තුනක්ද තමන්ට වාර්තා වී ඇති බව CMEV පවසයි.

Election Volence

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පහත විස්තර ප්‍රයෝජනයට ගන්නා මෙන් CMEV සම්බන්ධීකාරක මංජුල ගජනායක  ඉල්ලා සිටී.

160, පූර්වාරාම පාර, කිරුලපොන කොළඹ 5
දුරකතනය: 011 2826384, 011 2826388
ෆැක්ස්: 011 2826146
ඊමේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

මේ අතර, මෙවර මහ මැතිවරණය ආශ්‍රිතව රාජ්‍ය නිලධාරීන් විසින් කරනු ලබන උල්ලංඝන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දවසේ ඕනෑම වෙලාවක දුරකතන අංක 1996 ඇමතිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

අලුතින් පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකයේ එම අංකය ඇමතීමට අමතරව  අංක 14 ආර්. ඒ ද මැල් මාවත, කොළඹ 4 ලිපිනයට, ෆැක්ස් අංක  011- 2505574ට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් යොමුවට මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකය භාර නිලධාරියාට ලියා දන්වා එවන පැමිණිලි භාරගන්නා බව කොමිසමේ ලේකම් නිකුත් කළ නිවේදනයක දැක්වේ. 

ගතවූ පැය විසි හතරට මැතිවරණ කොමිසමට පැමිණිලි 170ක් !

ඊයේ (ජුලි 15) පස්වරු 4 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිලි 170 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 3,210 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

අදාළ පැමිණිලිවලින් 739 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති අතර  පැමිණිලි 2,471 ක් ලැබී ඇත්තේ දිස්ත්‍රීක් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න