අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට CID වැටක් !

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට CID වැටක් !

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරින් 26 දෙනෙකු එම විමර්ශන සඳහා යොදවා ඇති බවය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර නිර්මාණය විමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබේ.

යම් කරුණක් පිළිබඳ ජනතාව අතර අසන්තෝෂය ඇති කිරීම “දණ්ඩ නීති සංග්‍රහයේ 120“ යන වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව වසර 2ක කාලයක් බන්ධනාගාර ගත කළ හැකි බව ද පැවසු අජිත් රෝහණ , විශේෂයෙන් මෙවැනි පුද්ගලයින් දඩයකට ලක් කළ හැකි බව ද පවසා ඇත.

එමෙන්ම නිරෝධායන නීතින් අනුව ද මෙය වැරැද්දක් වන බවත් පැවසු නියෝජ්‍ය පොලිස්පතිවරයා, සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වන තොරතුරු නිල වශයෙන් ම සත්‍යය බව නොදන්නේ නම් තම ගිණුම්වලින් එම පුවත් බෙදා හැරීමෙන් වළකින්නැයි ද ඉල්ලා සිටියේය.

කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වූ මුල් කාල වකවානුවේ පටන් අසත්‍ය ප්‍රචාරවලට වැට බඳින මුවාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමේ අවස්ථා දැකගත හැකිවිය. එසේම එම අවස්ථාවේ අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ සිදුකළ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබුණි.

(ලංකා විව්ස් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න