CIDය ලසන්ත ඝාතකයින් සෙවීම පැත්තක තියා තොරතුරු ලීක් වුණු හැටි හොයයි !

CIDය ලසන්ත ඝාතකයින් සෙවීම පැත්තක තියා තොරතුරු ලීක් වුණු හැටි හොයයි !

සන්ඩේ ලීඩර් හිටපු කර්තෲ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ අපරාධකරුවන් පිළිබද රහසිගත තොරතුරු අනාවරණය කළේයැයි චෝදනා කරමින් මාධ්‍යවේදීන් හා හිටපු CID නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊතලය සගරාවේ සංස්කාරක මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්ත මහතාව පසුගිය 14 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ රහසිගත තොරතුරු එළියට මැයෙන් එම සගරාවේ පළ වූ ලසන්ත ඝාතකයන්ගේ දුරකථන විස්තර ලබාදුන්නේ කවුදැයි ඒ මහතාගෙන් ප්‍රශ්න කර ඇති අතර තමන්ට තොරුඅතුරු ලැබුණු මූලාශ්‍ර ගැන හෙළිදරව් කිරීම ඒ මහතා ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

මීට අදාලව  CIDයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන්ද කට උත්තර සටහන් කරගෙන ඇති අතර ලසන්ත ඝාතනය පිළිබද විමර්ශන භාරව සිටි මේ වන විට බදුල්ලට මාරුකර යවා ඇති සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාව ජූලි 20 වනදා කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තා විය.

ඒ අනුව  CIDය මේ වනවිට ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ ඝාතකයින් සෙවීම පැත්තක තියා ඝාතකයින් පිළිබද තොරතුරු අනාවරණය කළ පුද්ගලයින් පසුපස හබායන අයුර පැහැදිලිව පෙනේ.

(LNW )

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න