බුවනෙකබා පැරඩොක්ස් එක..!

බුවනෙකබා පැරඩොක්ස් එක..!
බුවනෙක නැත්නම් බුවනෙකබා එපිසෝඩය මෙතරම් රසවත් වෙයි කියල මම හිතුවේ නැහැ. ඒ උනාට බුකියේ දැන් ඒක දවස් පහක් හයක් තිස්සේ හිට් වෙමින් තියෙනවා. ඒක ටිකක් අසාමාන්‍ය දෙයක්. මොකද බුකියේ යමක් අල්ලාගෙන තියාගන්න පුළුවන් උපරිම දවස් දෙකයි. නැත්නම් තුනයි. වරින් වර එක් එක් අය කියන දෙවල් එක්ක මේ එපිසෝඩ් ඒක යාවක්කාලීන වෙමින් තියෙන හැටි අපූරුයි. එහෙම වෙන්නේ යම් පැරඩොක්ස් එකක් නිසා. අපි බලමු ඒ පැරඩොක්ස් එක මොකක් ද කියල.  
 
පැරඩොක්ස් (paradox) එකක් කියන්නේ යම් පරස්පර බවකට. එකට තිබුණට මොකද යම් නොපෑහෙන ගතියකට. ඒ කියන්නේ විසංවාදයක් වගේ එකක්. විරුද්ධාභාෂය තමයි හරි වචනේ. 
 
ඒ කියන්නේ ඉතිහාසයට කරන ආදරය, අපේ උරුමය ගැන කැක්කුම, එහි සංකේතික අයිතිය තිබ්බ සහ ඒ නිසාම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියට ලොකු ජාතිකවාදී මුහුණුවරක් දුන්න දැන් බලයේ ඉන්න රාජපක්ෂ කඳවුර මේ පුරාවස්තු වටිනාකම ගැන දක්වන ලිහිල් ආකල්පය සහ ඒ ගැන දක්වන ලිහිල් පෙනීසිටීම අර රට ජාතිය ගැන ලේ කිපෙන අතීත පෙනීසිටීමෙන් වෙනස් වීමේ පරතරයක් දැන් පෙනෙන්නට තියනවා. ඒ ගැන ගොඩක් අයට පරස්පරයක් පෙනෙන්න පුළුවන්.  
 
ඒ පුරාවස්තු ප්‍රශ්නේ ගැන දැන් කියන්නේ ඒ බුවනෙකබා රාජ සභාව රාජ සභාවක් නෙවෙයි ගණිකා මඩමක්, ඒ රජ්ජුරුවෝ මුස්ලිම් කාන්තාවක් එක්ක හිටිය කතාවක්, රජ්ජුරුවන් ගේ චරිතේ එච්චර හොඳ නැති කතාවක් වගේ දේවල් (ගොඩක් රජවරුන් ගේ චරිත නම් අප්සෙට් තමයි!). නැතුව මේ අපරාදේ කරපු එකා මේ පොළොවට ද්‍රෝහී උනා වගේ පපුවට ගහ ගන්නා ආවේගශීලි කතාවක් එළියට එන්නේ නැහැ. ඒක තමයි ගැප් එක (gap). මේක දේශපාලනය ඇතුලේ තේරුම් ගන්න අමාරු පරස්පර බවකුත් නෙවෙයි. 
 
මේ 'ජාතික වස්තු' අහිමිවීම කියන දේ (මම දන්නේ නැහැ ඒක රාජ සභාවක් ද හෝටලයක් ද කියල. හැබැයි පුරාවිද්‍යා එකෙන් කියල තියනවා මේක රාජ සභා මණ්ඩපයේ කොටසක් කියල) ගැන අපට පුරුදු ලොකු හැඟීම්බර කතාවක් නම් මහින්ද මහත්තයා කලේ නැහැ. හැඟීම බර කතාවක් කළ පමණින් ම යමක ආදරය මණින්න බැහැ තමයි. ඒ උනාට මේ මුස්ලිම් කතා, රජ්ජුරුවන් ගේ චරිතය ගැන කතා වලින් වැඩේ තනුක (dilute) කරන ගතියක් තමයි පේන්න තියෙන්නේ. එයා බොක්කෙන් ගේම ඉල්ලන්නේ නැහැ කියල නම් පේනවා.
 
එහෙම ගොඩක් ආවේගශීලි වෙන්නේ නැත්තේ සහ ආවේගශීලි විදියට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ තමන්ගේ ඇත්ත 'මදයෙන්' මේක එන්නේ නැති නිසා කියල මට හිතෙනවා. නිකම් හිතන්න අර අඟුලානේ පොලිසියට ගල් ගහපු ගැහැණු කිහිප දෙනා. ඒ ගල් ආවේ බොක්කෙන්. 'මම ගල් ගැහුවා මහත්තයෝ' කියල කියන්නෙත් ඒ මිනිස් මදයේ ඇතිවුන කැළඹීම නිසයි (stir in the core of the desire/subjectivity). මම හිතන්නේ මෙතන බොක්කෙන් වැඩේට බහින බවක් තමයි පේන්නෙ නැත්තේ. එච්චරයි. ඒක බැලූ බැල්මට පේනවා. අවුල ඒකයි. ඒ කියන්නේ කැමරාවට අවුල්.   
 
කොහොම උනත් මේ සංකේතීය පරස්පරය නිසා රටේ එක චන්දයක් වත් හෙල්ලෙන්නේ නැහැ කියල නම් ෂුවර්. එහෙම එකක් දෙකක් හරි හෙල්ලුනත් ඒවා විපක්ෂේ අයට නම් ලොවෙත් වැටෙන්නේ නැහැ. 
 
මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. ඒත් ලබ්ධියක ඉන්න මිනිස්සුන්ව වෙනස් කරන්න බැහැ. ?
Image: Shoko Asahara
මහේෂ් හපුගොඩ ගේ ෆේස් බුක් ගිනුමෙනි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න