රාජ්‍ය මූල්‍ය අන්තිමයි: චන්ද්‍රිකා වාහන හරවා යවයි !

රාජ්‍ය මූල්‍ය අන්තිමයි: චන්ද්‍රිකා වාහන හරවා යවයි !
හිටපු ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ භාවිතයට ලබාදී තිබූ වාහන අතුරෙන් 04 ක් නැවත ජනාධිපති කාර්‍යාලය වෙත භාරදී ඇති බව වාර්තා වෙයි.
 
මේ සම්බන්ධව හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකා  බන්ඩාරනායක  කුමාරතුංග විසින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ලිඛිතව දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.
 
ඇය එඑහිදී  ජනාධිපති ලේකම් අචාර්ය  පී. බී ජයසුන්දර ට  දන්වා සිටින්නේ මේ වන විට රටේ උද්ගත  වී ඇති මූල්‍ය  අර්බුදය විසදීමට යම් මට්ටමකින් හෝ සහයක් ලබා දීමක් ලෙස මෙම තීරණයට එලඹි බවයි. 
 
වාර්තා වන ආකාරයට මර්සිඩීස් බෙන්ස්  රථයක්, නිසාන් පෙට්‍රල්  ජිප් රථයක්, ටොයෝටා ලෑන්ඩ් කුශර් ජිප් රථයක් සහ මහේන්ද්‍ර ඩබල් කැබ් රථයක් මෙලෙස ඇය ආපසු ලබා දුන් වාහන අතර තිබේ.
 
තම පුද්ගලික පරිහරණයට හිතු මතේ රජයේ වාහන යොදා ගන්නා රටක ඇය මේ ලබා දී තිබෙන ආදර්ශය ඉතාමත් වැදගත් බව විචාරක අදහස වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න