අංගොඩ ලොක්කා මියගිය කතාව 'ප්ලාන්ට්' එකක්! - පුවත් වාර්තා ගැන පොලිස් විමර්ශනයක් !

අංගොඩ ලොක්කා මියගිය කතාව 'ප්ලාන්ට්' එකක්! - පුවත් වාර්තා ගැන පොලිස් විමර්ශනයක් !

පොලීසියට අවශ්‍යව සිටි පාතාල කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී අභිරහස් ලෙස මරණයට පත්ව ඇති බවට පළවන තොරතුරු මෙතෙක් තහවුරු කරගෙන නැති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණේ, අනියම් බිරිඳ විසින් සිදුකර ඇති විෂ ශරීරගත වීමකින් "අංගොඩ ලොක්කා" මියගොස් ඇති බවය.

අංගොඩ ලොක්කා මීට මාස ගණනකට පෙර ඉන්දියාවේ රථ ගාලක සිටියදී ලොරියක හැපී තුවාල ලබා බැංගලෝර්හි රෝහලක ප්‍රතිකාර ලබා තිබේ.

ඔහු මීට පෙර ඉන්දියාවේදී මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන යුරෝපයට පැනයාමට සූදානම් වන බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණ කර ගෙන තිබුණි.

බුද්ධි අංශ පවසන්නේ, "අංගොඩ ලොක්කා", ඝාතනය වූ බවට  ප්‍රචාරය කොට යුරෝපයට පැන යාමට සැලසුම් කළා ද යන්න සැක පළවන බවය.

ඊයේ (ජූලි 23) මිරිහාන පොලිස් කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුයේ, අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී මිය ගිය බවට වාර්තා වී තිබුනද ඔහු මිය ගියේ යැයි මෙතෙක් නිලවශයෙන් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

මෙම අපරාධ කල්ලි සාමාජිකයා මිය ගොස් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන්යෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ද ඔහු එහිදී කියා සිටියේය.

මෙම මාධ්‍ය  ප්‍රචාරයන් පිළිබඳව නිල තොරතුරු ලබා ගැනීම්ට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු ජීවත්ව සිටියේ නම් මෙවැනි අවස්ථාවක පෙනුම වෙනස් කර නැවත ලංකාවට පැමිණ අපරාධ නිරත වීමට හෝ විදේශයකට ආරක්ෂිතව ගොස් සැඟවී කට කටයුතු කිරීමේ හැකියාව පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

2017 වසරේදී  පෙබරවාරි මස 27 දින කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායකයෙකු වන සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ ද "අංගොඩ ලොක්කා" ය.

ද ලීඩර් 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න