Language Switcher

V2025

බැසිල් ගොවි ජනතාවගෙන් සමාව ගන්න ඕන - සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

රටට කෑම සපයන ගොවියාට බැසිල් රාජපක්ෂ මහතා විසින් කළ අපහාසයට බරපතල විරෝධය පල කරන බවත් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව ගොවීන්ගෙන් සමාව ගත යුතු බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරනු ලැබී ය.

ඊයේ (25) දඹුල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේ ය. මෙම ප්‍රකාශය හුදෙක් බැසිල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික ප්‍රකාශයක් නොව ගොවියා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත් ඔහු අවධාරණය කෙළේ ය. මෙය හුදෙක් වට්ටක්කා ගොවීන්ට පමණක් නොව සම්ස්ත ලාංකීය ගොවීන්ටම සිදු කරන ලද අපහාසයක් ලෙස තහන් සලකන බව එහිදී ප්‍රකාශ කෙරිණ.

වගා ණය ගෙවාගත නොහැකිව සියදිව නසා ගන්නා ගොවිජනතාව දෙස බලමින් සමච්චලයට ලක් කිරීමේ මනෝභාවයක ආණ්ඩුව පෙළෙන අතර මෙම වසරේ මුල් මාස තුන තුළදී ඩොලර් මිලියන 140.07ක එළවළු ආනයනය කර ඇති බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය කෙරිණ.

එසේම 2019 වර්ශයේ ලෝක වෙළඳපොලේ වට්ටක්කා වෙනුවෙන් ඩොලර් කෝටී 139ක වෙළඳපොළක් පැවති බවත් එම අවස්ථා මෙරට ගොවියාට උදාකර නොදෙන අතර මෙරටට එළවළු ආනයනය කිරීම බරපතල තත්වයක් බවද අවධාරණය කෙරිණ.

මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජිකයින් වන සුනිල් රණවීර, තිලක රත්න යන ගොවි නායකයින් සහභාගී වූහ.

Lanka truth