මේක කසිප්පු ආණ්ඩුවක් : 2020ට එතනෝල් ලීටර් ලක්ෂ 20 ක් ගෙන්නලා - රෝහිණි කවිරත්න

මේක කසිප්පු ආණ්ඩුවක් : 2020ට එතනෝල් ලීටර් ලක්ෂ 20 ක් ගෙන්නලා - රෝහිණි කවිරත්න

ශ්‍රී ලංකාවට එතනෝල් ගෙන්වීම 2020 ජනවාරි 01 සිට තහනම් කළා යයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කර ඇතත් 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් මෙරටට ගෙන්වා ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න අවධාරණය කර සිටියි.

මන්ත්‍රීවරිය එබව පැවසුයේ, රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමිනි. 

''මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටත් ජනතාවත් රවට්ටවනවා. එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා.

ඔබලා දන්නවා, මේ ඡන්දය සම්පූර්ණයෙන්ම දිව්වේ අරක්කුවලින් කියලා.2019 ජූනි සුරාබදු ආදායම රු මිලියන  8,817 යි.  2020 ජූනි ඡන්දය නිසා ඒක රු මිලියන 12,000 ක් වුණා.

2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා.රට වටේම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා.  හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝම පැරදුණා.  

දඹුල්ලේ වෙළෙදපොළේ  කහ ටිකක් ගන්න නෑ.  හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා.ගොවියට පොහොර ටික නෑ. හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා.  

අපේ ගෑණු ළමයින්ට, මූනේ ගාන්න ක්‍රීම් එකක් කඩේ නෑ. හැබැයි  විස්කි, බ්‍රැන්ඩි ලීටර් 139,161,220 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා.මෙන්න මේකයි, සෞභාග්‍යයේ දැක්ම'' යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.  

මේක දවසම මහන්සිවෙලා උපයන පඩියෙන් කසිප්පු ගහන බේබෙද්දෙක් වගේ  ආණ්ඩුවක් යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.