සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සදහා නත්තල් සහ අලූත් අවුරුදු උත්සව වෙනුවෙන් මෙතෙක් කල් ලබාදුන් උත්සව අත්තිකාරම් දීමනා ලබා නොදීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
විශේෂයෙන් මේ මොහොත වන විට රට පුරා වසංගතයක්ව පවතින #කොවිඩ් උවදුර හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සිය රාජකාරී ඉටු කරමින් සිටින අතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් මෙතෙක් අමතර රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් උපයාගනු ලැබු අමතර දීමනාද බොහොමයක් අඩු වී ඇතිි බවත්, මීට පෙර අවස්ථාවලදී උත්සව අත්තිකාරම් ලබාදීම අත්හිටවූ මොහොතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදුන් ණය වාරික ගෙවීමේ සහනය සහ අනෙකුත් සහන ලබාදීම මේ මොහොතේ සිදු නොවන අතර උත්සව අත්තිකාරම් මුදල් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තව තවත් ආර්ථික අර්බුදයන්ට ලක්වන බවත් එම සංගමය පෙන්වා දෙයි.
එබැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා උත්සව අත්තිකාරම් ලබාදීම කතර කිරිමට ගෙන ඇති තීරණය මේ මොහොතේ වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙසත්, සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා උත්සව අත්තිකාරම් මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින අතර යම් හෙයකින් උත්සව අත්තිකාරම් මුදල් ලබා නොදීමට කටයුතු කරන්නේ නම් අකැමැත්තෙන් වූවද වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එලැඹීමට සිදුවන බව වැඩිදුරටත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

