කෘෂි අංශයේ සුවිශේෂී වර්ධනයක්

කෘෂි අංශයේ සුවිශේෂී වර්ධනයක්

2020 වසරේ තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව 4.3%ක වර්ධනයක් අත් කරගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොවිඩ් වසංගතයේ පළමු රැල්ලෙන් පසු ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබීම මෙම වර්ධනය සඳහා ධනාත්මක ලෙස බලපා ඇත.

2020 වසරේ ජූලි මස 01 දා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව සඳහා දළ දේශීය නිෂ්පාදිතය ඇතුළු අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශයට අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් යටතේ ඇස්තමේන්තු කර මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

වී, ධාන්‍ය, එළවළු, රබර්, පළතුරු සහ කුළුබඩු වගාවන් ද සත්ව නිෂ්පාදනය සහ මිරිදිය මසුන් ඇල්ලීම මෙම කාලය තුළ අත්කර ගෙන ඇති වර්ධනය එම තත්ත්වයට හේතු වී ඇත. එම කාලය තුළ ධාන්‍ය 2021 – 01 - 11 2020 තුන් වැනි කාර්තුවේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව වගා කිරීම සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගෙන තිබේ.

ධාන්‍ය වගා කිරීම පෙර වසරේ තෙවන කාර්තුවට සාපේක්ෂව 256.65% ක වර්ධනයක් අත් කරගෙන තිබේ. මිරිදිය මසුන් ඇල්ලීම 20.6%කින් එම කාලය තුළ ඉහළ ගොස් තිබේ. වී වගා කිරීම ද 15.5%ක සැලකිය යුතු වර්ධනයක් පෙන්වයි.

එළවළු වගා කිරීම 11.6%කින් ද, රබර් වගා කිරීම ද 11.5%කින් ද වර්ධනය වී ඇත. පළතුරු වගා කිරීම වර්ධනය වී ඇත්තේ 8.3%කිනි.

කුළුබඩු වගාව සහ සත්ව නිෂ්පාදනය පිළිවෙළින් 6%ක හා 2.8%ක වර්ධනයක් අත් කරගෙන තිබේ.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතයේ යම් බලපෑම් මත සමුද්‍රීය මසුන් ඇල්ලීම 11.6%කින් පමණ පහළ ගොස් ඇත. මීට අමතරව පොල් ඇතුළු තෙල් සහිත පළතුරු වගාව ද තේ වගාව ද පහළ ගොස් තිබේ.

මෙම කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.5%ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න