දිගටම නායක රනිල් - උප නායක අකිල - මහ ලේකම් රංගේ - සභාපති වජිර !

දිගටම නායක රනිල් - උප නායක අකිල -  මහ ලේකම් රංගේ - සභාපති වජිර !
මෙතෙක් පුරප්පාඩුව පැවති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා පත්කිරීම් සිදුකර ඇති අතර ඒ අද (13) 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්  රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.
 
නව පත්කිරීම් අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වන්නේ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන වන අතර මහ ලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරය.  උප නායක හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ය.
 
පක්ෂයේ  භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බාහ්  පත්ව ඇති අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරුන් ලෙස ඩී එම් ස්වාමිනාදන් සහ අර්ජුන රණතුංග පත්කර ගෙන ඇත.
 
මීට අමතරව පක්ෂයේ උප සභාපති තනතුරු තුන සඳහා දයා ගමගේ, සාගල රත්නායක සහ සුනේත්‍රා රණසිංහ යන අය පත් කර ඇත.
 
 නියෝජ්‍ය මහ ලේකම්වරයා වන්නේ නාලක කොලොන්නේ, සහකාර ලේකම් අනෝමා ගමගේ, ප්‍රතිපත්ති සහ සමීක්ෂණ අංශයේ සභාපතිවරයා ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර, ජාත්‍යන්තර කටයුතු, පළාත් පාලන ආයතන සහ නියෝජිතයින් පිළිබඳ කමිටුවේ ලේකම් සන්දිත් සමරසිංහ, මූල්‍ය කමිටු සභාපති ආනන්ද කුලරත්තන,  ශමල් සෙනරත් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත. 
 
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් අද සිදුවී නොමැති අතර රනිල් වික්‍රමසිංහ එම තනතුරේම ඉදිරියටත් කටයුතු කරනු ඇති අතර නියෝජ්‍ය නායකයා වන්නේ හිටපු රුවන් විජේවර්ධන ගේ සහ  පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු අමාත්‍ය නවින් දිසානායක තවදුරටත් කටයුතු කරනු ඇත.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න