ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම ෆේල් : අලුත් වැඩකට සූදානම් වෙන්න - හිටපු අගමැති

ආණ්ඩුවයි  විපක්ෂයයි දෙකම ෆේල් : අලුත් වැඩකට සූදානම් වෙන්න - හිටපු අගමැති

මේ වන විටආණ්ඩුව සිය කාර්ය සිදුකර ගැනීමට අසමත්වී ඇති බවත් ආණ්ඩුවේ පරිපාලනය පිළිබඳ ජනතාව තුළ විශ්වාසය නැතිවී ඇති බවත් හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

එජාප නායකයා මේ අදහස් දක්වා ඇත්තේ අද (13) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී වන අතර පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩුව අසාර්ථකවී ඇති නමුත් ඊට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට විපක්ෂයටද නොහැකි බවක් පෙන්නුම් කර ඇති බවත් පවසා තිබේ.
 
ඒ අනුව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටස්තරවත් සියලු ව්‍යාපාර එක්කර ගනිමින් ආණ්ඩුවට එරෙහි නව ව්‍යාපාරයක් ගොඩනැගීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවත් එජාප නායකයා පවසා තිබේ.
 
ඒ වෙනුවෙන් නව මුහුණු රැසකින් යුතු කණ්ඩායමකට වගකීම් භාරදී ඇති බවත් පක්ෂය තුළ නව ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂිත බවත් එය අධීක්ෂණයට කමිටු කිහිපයක් පත්කිරීමට නියමිත බවත් ඔහු පවසා තිබේ.
 
මෙහිදී පක්ෂ සංවිධායකයන් පත්කිරීම සම්බන්ධවද එජාප නායකයා අදහස් දක්වා ඇති අතර පක්ෂයේ සංවිධායකයන් පත්කිරීමට පෙර මැතිවරණ මට්ටමින් ප්‍රතිව්‍යුහ ගතකිරීම් අවශ්‍ය බවත් සඳහන් කර ඇත.
 
පක්ෂ මුලස්ථානය පරිපාලන කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කරන අතර ඉන් ඔබ්බට ගොස් ජන්ද ව්‍යාපාර ඉලක්ක කරගත් දේශපාලන කේන්ද්‍රයක් බවටත් පත්කිරීමට සැලසුම් කර ඇති බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ පැවසූ බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න