ජනාධිපති අද විවෘත කළේ : යහපාලන සමයේ රනිල්ගේ වැඩක් !

ජනාධිපති අද විවෘත කළේ : යහපාලන සමයේ රනිල්ගේ වැඩක් !

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

අදාළ ටයර් කර්මාන්ත ශාලාව හොරණ ප්‍රදේශයේ පිහිටා ඇත.

වැඩේ රනිල්ගේ !

මේ සම්බන්ධව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන හිටපු නියෝජ්‍ය අමාත්‍ය , වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් සඳහන් කර ඇත්තේ, "හොරණ වගවත්ත RIGID ටයර් කර්මාන්ත ශාලාව (FERENTINO TYRE CORPORATION (PVT) Ltd ) අද දින විවෘත කිරීමට නියමිතය .

යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතුමාගේ කර්මාන්ත ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ තුල 2017 කැබිනට් පතක් මගින් රජයේ අක්කර 160 ක් පමන ( නිසරු රබර් සහිත මුඩු ඉඩමක්) රජයේ තක්සේරු වට ලබාදී ඩොලර් මිලියන 100 පලමු අදියර සහ ඩොලර් මිලියන 150 ක් වන දෙවන අදියර ලෙස ආරම්භ කරන ලදී. " යනුවෙනි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිය ෆේස්බුක් පිටුවේ තැබූ සම්පූර්ණ සටහන පහත දැක්වෙන අතර ඒ සමඟ පළකර ඇති ජායාරූප සාක්ෂි පෙළත් පහත දක්වා ඇත.

හොරණ වගවත්ත RIGID ටයර් කර්මාන්ත ශාලාව (FERENTINO TYRE CORPORATION (PVT) Ltd ) අද දින විවෘත කිරීමට නියමිතය . යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතුමාගේ කර්මාන්ත ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ තුල 2017 කැබිනට් පතක් මගින් රජයේ අක්කර 160 ක් පමන ( නිසරු රබර් සහිත මුඩු ඉඩමක්) රජයේ තක්සේරු වට ලබාදී ඩොලර් මිලියන 100 පලමු අදියර සහ ඩොලර් මිලියන 150 ක් වන දෙවන අදියර ලෙස ආරම්භ කරන ලදී.

මෙගාවොට් 8 ක විදුලි සැපයුමක් , ජල සැපයුමක් සහ පිවිසුම් මාර්ග පද්ධතිය සදහා එවකට පැවති සංවර්ධනය උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය මගින් රුපියල් බිලියන 3.5 පමන ප්‍රතිපාදන වෙන්කර ක්‍රියාත්මක කරන ලදී. මෙම ආයෝජනය ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් බාධක හා අවලාද පැමිණි අතර ඒවාට මුහුනදී මෙම ආයෝජනය යතාර්ථයක් බවට පත්වීමේ වැඩි ගෞරවය හිමිවිය යුත්තේ එවකය  සංවර්ධනය උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය වරයා ලෙස නිහඩ සේවයක් කල ගරු මලික් සමරවික්‍රම මැතිතුමා වෙතය.

එදා මෙම වියාපෘතිය ට බාදා කල අවලාද අපහාස කල අය අද දින මෙය විවෘත කිරීම හාස්‍යජනක සිදුවීමක් වන අතර තම ගෝලයන්ගේ අඩිපාරේ යමින් රටේ ජනතාව ට අතීතය අමතක යයි සිතා අනුන්ගෙ දරුවන්ට උප්පැන්න දීමට ජනාධිපති තුමාද දායක වීම කනගාටුවට කරුනකි.

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාගේ කර්මාන්ත ප්‍රතිපත්තිය සහ මලික් සමරවික්‍රම වැනි කඩිසර උපායශීලී ව්‍යාපාරික  දැනුමක් සහිත ඇමතිවරයකු නොවන්නට මේ ආයෝජනය කිසිමදාක යතාර්ථයක් නොවන අතර සංවර්ධනය උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ලෙස මා හටද මේ සදහා සහය වීමට හැකිවීමට ලැබීම සතුටට කරුනකි.

මෙම ආයෝජනය යහපාලන රජයේ ක්‍රියාත්මක කල ආයෝජනවලින් එකක් පමනක් බවත්‍ සිහිපත් කරන අතර ආයෝජනය සිදුකරනලද නන්දන ජයදේව ලොකුවිතාන මහතාට මාගේ උනුසුම් සුබපැතුම් එක්කරමි.

138075081 4266798340001902 5402865954864469327 n

138361710 4266798060001930 7305937856244029778 n

138377606 4266798200001916 3054411462687646751 n

138384449 4266798366668566 5002587757036259298 n

138503221 4266797916668611 5436081689128757597 n

138859881 4266798193335250 3388880771577428355 n

138966544 4266798526668550 8655589293820044658 n

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න