අයවැයට මුදල් නෑ - මහින්ද කියලා

අයවැයට මුදල් නෑ - මහින්ද කියලා

ශ්‍රී ලංකාව 2021 වර්ෂයේදී ඩොලර් මිලියන 6865ක ණය ගෙවිය යුතු බවත්, මෙම ණය ගෙවීම් විශාල අර්බුදයක් වන නිසා 2021 වර්ෂයේ අයවැය ක්‍රියාත්මක කිරීමට මුදල් ලබාගැනීමට අසීරු බවත් අගමැති මහින්ද රාජපක්ෂ ජනවාරි 11 වැනිදා කැබිනට් මණ්ඩලයේදී කියා තිබේ.

අත්‍යාවශ්‍ය ව්‍යාපෘති හැරුණුකොට වෙනත් කිසිඳු මහා පරිමාණ ව්‍යාපෘතියක් සිදුකළ නොහැකි බව ඔහු එහිදී කියා තිබේ.

ජනවාරි 08 දින සහිතව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද "2021 අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් සපයා ගැනීම" යන හිසින් යුත් කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගනිමින් අගමැතිවරයා ඒ බව පවසා තිබේ. එම්එෆ්/ටීඕඩී/01/සීඑම්/2021/003  අංකයෙන් යුත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබුණේ 2021 වර්ෂයේ වියදම් සඳහා මුදල් ලබා ගැනීමට දේශීය ණය රුපියල් බිලියන 1257ක් සහ විදේශීය ණය රුපියල් බිලියන 606ක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.

මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය යන රටවලින් ඇමරිකන් ඩොලර් බිලියන 2.5ක් වටිනා ස්වාප් ගිවිසුමක් හෙවත් , මුදල් ඒකක හුවමාරු ගිවිසුමක් ඇතිකර ගැනීමට නියමිතය.

(අනිද්දා)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න