යුක්‍රේන සංචාරකයන් ගෙන්වීමේදී අඩුපාඩු වුනා !

යුක්‍රේන සංචාරකයන් ගෙන්වීමේදී අඩුපාඩු වුනා !

ශ්‍රී ලංකාවට යුක්රේන සංචාරකයන් ගෙන්වීමේදී අඩුපාඩුවක් සිදුවු බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර ඇති බව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇත.

ඊට අනුව උත්සව අවස්ථාවක් අමතමින් ආරක්ෂක ලේකම් මෙසේ පවසා ඇති අතර  එම අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියේදීත් සංචාරකයන් ගෙන්වීමට කටයුතු කරන බවද පවසා තිබේ.

එසේම සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන ලක්ෂ ගණනක පිරිසක් මෙරට සිටිනා බවත් එම ව්‍යාපාරය කඩා වැටීමෙන් ඔවුන්ගේ දරු පවුල් අනාථ වී සිටිනා බවත් ඔහු කියා සිටී.

සෞඛ්‍ය මාර්ගොපදෙස යටතේ විදේශීය සංචාරකයන්ට රට විවෘත කිරීමට රජය තීරණය කළේ මෙම තත්ත්වය නිසා බවද ඔහු පැවසීය.

එසේ මුලින්ම ගෙන්වන ලද කියන යුක්රේන ජාතික සංචාරකයන්ගෙන් යම් අඩුපාඩුවක් වූ බව සියලු දෙනා පිළිගත යුතු නමුත් එහි අඩුපාඩු හදාගෙන සංචාරකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බවත් ඔහු  පවසයි.

හැමදාම රට වසා ගෙන සිටීමට නොහැකි බවත් ඔහු කියා ඇත.

(මුලාශ්‍රය -cnews )

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න