දිවයින විදපු තවත් බොරුවක් මාට්ටු : රන් නිධානය අතේ රෝලක් !

දිවයින විදපු තවත් බොරුවක් මාට්ටු : රන් නිධානය අතේ රෝලක් !

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ප්‍රදේශයේ භූගතව රත්තරන් තිබෙන බව දැනගන්නට ලැබුණද මාධ්‍ය පෙන්වූ ආකාරයේ නිධානයක් බඳු නිධියක් හමුනොවූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පැවසූ බව අනිද්දා පුවත්පත වාර්තා කරයි.

ඊට අනුව එම ස්ථානයේ මූලික අධ්‍යයනයක් සිදුකර අවසන් බවත් ප්‍රදේශයේ කොතරම් රත්තරන් තිබේදැයි තවමත් අවබෝධයක් නොමැති බවත් ඔහු සඳහන් කර ඇත. 

එසේම ටොන් එකකට පස් ග්‍රෑම් මිලියනයක් ඇති බවත් මේ ස්ථානයේ පස්වල රත්තරන් ඇත්තේ ටොන් එකකට ග්‍රෑම් එකක් පමණ බවත් ඔහු පවසා තිබේ.

තවත් අවුරුදු දෙකක්වත් පරීක්ෂණ නොකර එම ස්ථානයේ තිබෙන රත්තරන් ප්‍රමාණය කිව නොහැකි බවත් ඔහු පවසා ඇත.

හඳුනාගත් ස්ථානයෙන් කැණීම් කරන අවස්ථාවේදී පාෂාණ විශාල ප්‍රමාණයක් ලබාගත් බවත්, සමහර පාෂාණ තට්ටුවල රත්තරන් නොමැති බවත් තවත් පාෂාණ වල වෙනත් ලෝහයන් තිබෙන බවත්  ඔහු කියා තිබේ.

මෙම ක්‍රියාවලිය කොටස් කිහිපයකට සිදුකර එම සාම්පල් පරීක්ෂා කර ගැනීමට වෙනත් රටාවල පර්යේෂණාගාර වෙත යැවූ බවත් ඔහු පවසා තිබේ.

මේ අතර ද ලීඩර් වෙබ් අඩවිය අදාළ දිවයින පුවත වාර්තා කර තිබුණේ  'සේරුවාවිල රත්‍රන් නිධිය' ජනාධිපතිගේ වැටුන ප්‍රතිරූපය උස්සන මෙහෙයුමක් ? යනුවෙනි. මෙම සබැඳියෙන් එය කියවා ගත හැකිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න