ගුවන්තොටුපොළ ආරක්ෂාවට සුනඛ බලඇණියක්

ගුවන්තොටුපොළ ආරක්ෂාවට  සුනඛ බලඇණියක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරක්ෂක තත්වය තවදුරටත් තහවුරු කරමින් 20 දෙනෙකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යෙදවීම අද (15 ) සිදුවේ.

ගුවන් භාණ්ඩ ලෙස සහ මගීන් විසින් රැගෙන යන ගමන්මළුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය, පහසුවෙන් හඳුනාගතහැකි වන පරිදි විශේෂ හැකියාව ලත් මෙම සුනඛයින් හට පුහුණුව ලබා දී ඇත්තේ අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේ දී ය.

මෙම සුනඛයින්, අන්තරායකර ඹෟෂධ පාලන මංඩලය විසින් සත්‍ය නියැදි යොදාගනිමින් ද පවත්වන ලද ප්‍රායෝගික පරික්ෂණයකට මුහුණ දුන් අතර එවැන්නක් සිදුවූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වීම ද විශේෂත්වකි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආරක්ෂක තත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුනින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුනඛ බලකාය තවදුරටත් ශක්තිමත් කිරීමට සිවිල් ගුවන්සේවා ආරක්ෂක කමිටුවේ දී, ගත් තීරණයට අනුව මෙම විශේෂ වර්ගයේ සුනඛයන් 20 දෙනා එම බලකායට මෙයට මාස කිහිපයකට පෙර එක්වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 22 ක් වූ මූල්‍ය සහාය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසිනි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් හඳුන්වාදී ඇති ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් වන රෙගුලාසීන් නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම අතින් ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් නිරන්තරයෙන් ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කරනු ලබන අතර එම තත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මේ අයුරින් පුහුණුව ලත් සුනඛයන් කණ්ඩායමක් ගුවන්තොටුපොළ ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා යෙදවීමේ අරමුණයි.

මෙම සුනඛ කණ්ඩායම ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා අවැසි පුහුණු කටයුතු නිමකර විසිර යාමේ උත්සවය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න