පාදෙණියට ගැහුවට GOMA ගේම ඉල්ලයි !

පාදෙණියට ගැහුවට GOMA ගේම ඉල්ලයි !

කොරෝනා ඇතුළු රෝග ඉදිරියේ අවධානමට මුහුණ දෙමින් අසීරු කාර්යභාරයක් ඉටු කරන පිරිසකගේ චිත්ත ධෛර්ය බිඳ වැටෙන අයුරින් අවිචාරවත් ලෙස එක් මාධ්‍ය ප්‍රධානියෙක් තම මාධ්‍ය ජාලය හසුරුවන අයුරු පෙනේ," යනුවෙන් අවධාරණය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සම්බන්ධව පලකළ පුවතකට ප්‍රතිචාර දක්වමින්ය.

සිය සංගමය කොරෝනා වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් මිස හැංගී පැනගිය පිරිසක් නොවන බවත්  එම නිවේදනයේ සඳහන් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය  කොවිඩ් ආසාදිතයෙකුගේ පළමුපෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැනීමේ සිද්ධිය පිළිබඳව පැහැදිළි කිරීමක්ද එහි සිදුකර ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වැළඳීම අනපේක්ෂිත දෙයක් නොවන බවය.

ඔහු සමග එම වාට්ටුවේ කිසිදු පිටස්තර කෙනෙකුගෙන් තොරව වෛද්‍යවරු කණ්ඩායම එකට ආහාර ගැනීම ප්‍රිය සම්භාෂනයක් ලෙස පළකරමින් අවමන් කිරීම සුදුසු නොවන බවද ඉන් පෙන්වා දෙයි.

ඕනෑම අභියෝගයකට නිවැරදිව මුහුණ දීමේ අත්දැකීම් සිය සංගමය සතු බවත් කිරිපිටි ඇතුළු වැරදි ආහාර, දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මෙහෙයවන මුදල්වලට විරුද්ධව රටේ දරුවන්ගේ යහපත සඳහා සිය සංගමය කරගෙන යන මෙහෙයුම් යටපත් කළ නොහැකි බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 රජයේ  වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

001werty

GOMA ගැහුවේ දෙරණට !

කෙසේ වුවත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිවේදනයේ සඳහන් "කොරෝනා ඇතුළු රෝග ඉදිරියේ අවධානමට මුහුණ දෙමින් අසීරු කාර්යභාරයක් ඉටු කරන පිරිසකගේ චිත්ත ධෛර්ය බිඳ වැටෙන අයුරින් අවිචාරවත් ලෙස එක් මාධ්‍ය ප්‍රධානියෙක් තම මාධ්‍ය ජාලය හසුරුවන අයුරු පෙනේ," යන අවධාරණය කෙරෙහි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ අවධානය යොමුව ඇති අතර ඒ අදාළ පුවත දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ පුවත්පතේ පළවුවක් වන නිසාය.

අරුණ පුවත්පත් වාර්තාව පහත දැක්වෙයි !

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරු විය.

අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව තිබේ. පසුගිය අටවැනිදා සම්භාෂණය පවත්වා ඇති අතර කොවිඩ් ආසාදනය වී ඇති වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී ඇත. කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන බවද වාර්තා වෙයි. මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකටද සහභාගි වී ඇත. ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇත. ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය.

මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ. ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14 වැනිදා) උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.

ජයතිලක ගන්නොරුව – මහර"

Capture 1gggggggggggggg

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න