Language Switcher

V2025

WhatsApp වෙනස !

WhatsApp පරිශීලකයින් මේ දිනවල සිටිනේ දැඩි ව්‍යාකූල තත්ත්වයකිනි.

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 08 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබුනත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත.

නමුත් ඒ පිළිබඳව නවතම නිවේදනයක් සිය නිල ට්ව්ටර් ගිණුම හරහා නිකුත් කරමින් WhatsApp සමාගම පවසන්නේ තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීම මේ වසරේ මැයි මාසයෙන් පසු කාලයක් දක්වා කල්දමා ඇති බවයි.

තවද, පෙබරවාරි 8 දා සිට ක්‍රියාත්මක වීමට තිබූ වට්සැප් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක වීම කල්යාම හේතුවෙන් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව හා එකග නොවුන පරිශීලකයන් හට මැයි මාසයෙන් පසු කාලයක් දක්වා තම ගිණුම් අහිමිවීමෙන් තොරව භාවිතා කිරීමේ හැකියාව ලැබෙන බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.