Language Switcher

V2025

උතුරේ ජන්ද කැපිල්ලක් : අවනඩුව ගැන රිෂාඩ්ගෙන් පැමිණිල්ලක් !

දශකතුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාමලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොග්‍රසයේනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන්ඉල්ලා ඇත.

ඒ පසුගිය 13 වනදා මැතිවරණ කොමිසමේ සභාපතිට යොමුකළ ලිපියක් හරහාය.

එමලිපියේ මෙසේද සඳහන් වෙයි.

දශකතුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව, යුද්ධයඅවසන් වීමෙන් පසු 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේයළි පදිංචියට පැමිණිම ඇරඹූහ. එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචිව වුවද, එම ප්‍රදේශවල යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි මේ දක්වා සංවර්ධනය නොවීමනිසා, එම ජනතාවට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස වලදඔවුන් තාවකාලිකව පදිංචිව සිටිති. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු පෙර පැවතිමැතිවරණ කිහිපයකදී පොකුරු ඡන්ද මධ්‍යස්ථාන ඇති කර උතුරු පළාතේ ඡන්දදායකයන් ලෙසපුත්තලම දිස්ත්‍රික්කයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට පහසුකම් සපයාතිබිණ.

එහෙත්මෙවර ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේදී උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ නම්, ඡන්දනාම ලේඛනවලින් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙනබවක් දැන ගැනීමට ඇත. එයට හේතුව ලෙස එම ඡන්දදායකයන් පදිංචිවී සිටින්නේ පුත්තලමදිස්ත්‍රික්කයේ බව සඳහන් කර තිබේ. උතුරු පළාතේ පදිංචි ජනතාවට තම මුල් ගම්බිම්වලඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අහිමි කිරීම යුක්ති සහගත නොවන බවත්, මූලික මානව අයිතිවාසිකම් කඩවීමක් බවත්, රිෂාඩ්බදියුදීන් මන්ත්‍රීවරයා මැතිවරණ කොමිසම වෙත යැවූ ලිපියේ සඳහන්.

ඕනෑමපුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමට සහ ඔවුන් කැමති ප්‍රදේශයේ ඡන්දහිමිනාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් තිබේ. එය ඡන්දහිමියාගේ අභිමතය සහ කැමැත්තපරිදි තීරණය විය යුතුය. එමෙන්ම එය නීතිමය අයිතියකි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂමහතා,හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරණායක යන මහත්ම මහත්මීන් කොළඹ පදිංචිව සිටියද, ඔවුන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවී සිටින්නේ හම්බන්තොට, පොළොන්නරුව සහගම්පහ දිස්ත්‍රික්කවලදීය.

එබැවින්තමන්ට නිවසක් තිබෙන ස්ථානයක සිය ඡන්දය ලියාපදිංචි කිරීම පුරවැසියන්ගේ අයිතියකි.යුද්ධයෙන් අවතැන්ව සිටි ජනතාව යළි මුල්ගම්බිම්වල පදිංචි වී සිටියද එම ප්‍රදේශවලමූලික යටිතල පහසුකම් නොතිබීම නිසා ඔවුන් පුත්තලම දිස්ත්‍රික්කයේද පදිංචිව සිටින බවමැතිවරණ කොමිසමට දැනුම් දී එම ඡන්දහිමියන් සම්බන්ධයෙන් තීරණ ගෙන තිබුණද, මන්නාරම දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස්තුමා විසින්, නාම ලේඛනවලින් ඡන්ද හිමියන් 7,727 දෙනෙකුගේ නම් ඉවත් කර තිබෙන බව දැනගැනීමට ඇත.

ඒඅතර මන්නාරම නගර  ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඡන්දහිමියන් 2,618 දෙනෙකු, මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 3,452 දෙනෙකු, මන්තායි බටහිර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 1,217 දෙනෙකු, නනාට්ටාන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද හිමියන් 457 දෙනෙකු,මන්නාරම නගර සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 342 දෙනෙකුගේ නම්ඡන්දහිමි නාම ලේඛනයෙන් ඉවත් කර තිබෙන බවත්, එමගින් එකීජනතාවට අසාධාරණයක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිවරණකොමිසමට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.