නොමිලේ ලැබුණු පෙළ පොත් මුදලට…? (වීඩියෝ )

නොමිලේ ලැබුණු පෙළ පොත් මුදලට…? (වීඩියෝ )

එහෙත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සියල්ලහිම පාහේ වැඩකටයුතු කොරෝනා හේතුවෙන් අඩපණ වී තිබුණ ද නව වසර ආරම්භයත් සමග එක් දෙපාර්තමේන්තුවක් යටතේ වූ අංශයක් වඩාත් කාර්යක්ෂම වී තිබේ.

ඒ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලෙවි අංශයයි.

නොමිලේ බෙදා දිය යුතු 2021 වසරට අදාළ පෙළ පොත් කිහිපයක් ම රටපුරා පාසල් සිසුන් අතට මෙරව ද ලැබී නොමැත.එහෙත් කොළඹ මරදාන මාලිගාකන්දේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවත්වා ගෙන යන අලෙවිසලෙන් මෙම වසරට අදාළ සියලු ම පෙළපොත් මිලදී ගත හැකියාව පවතී.

රුපියල් මිලියන 3000ක පමණ වැයක් දරා 2021 වසරට සියලුම පෙළ පොත් මුද්‍රණය ඉකුත් නොවැම්බර් මාසයේදී සම්පූර්ණ කෙරිණ.තම දරුවන්ට නොමිලේ ලැබිය යුතු පෙළපොත් මිලදී ගැනීම සඳහා පසුගිය 13 වනදා පෙළ ගැසී සිටි පිරිස අතර වැඩි දෙනා බස්නාහිර පළාතේ පදිංචිකරුවන් ය.

කලට වේලාවට පෙළ පොත් සිසුන් අතට පත් කිරීමේ ජාතික වගකීම දෙවැනි තැනට දමා අලෙවි වාර්තා තබමින් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව ද මුදල් උපයන තැනක් බවට පත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ ද?

(නිව්ස් ෆස්ට් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න