පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට කොරෝනා අවදානම් !

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට කොරෝනා අවදානම් !

පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ නියෝජ්‍ය මහලේකම් හැර සභානායක ලේකම්, ආණ්ඩු පක්ෂ ලේකම්, විපක්ෂ පක්ෂ නායක ලේකම්, වේත්‍රධාරී , නියෝජ්‍ය වේත්‍රධාරී හා සහකාර වේත්‍රධාරී ඇතුලු සියලුම අංශ ප්‍රධානින් දිවා ආහාරය ලබා ගනු ලබනුයේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් වේ.       

2021.01.14 දින පාර්ලිමේන්තුවේ සිදුකරන ලද කොවිඩ් 19 හදුනා ගැනීමේ පී.සී.ආර්. පරික්ෂයන් ගෙන් තහවුරු වී ඇත්තේ ඉහත භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොරෝනා වෙයිරසය ආසධනය වී ඇති බවයි.     

මේ වනවිට එම භෝජනාගාරයේ  ආහාර පාන ලබාගනු  ලැබූ ආණ්ඩු පක්ෂ ලේකම්වරයාට හා අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු පිළිබද සම්බන්ධීකරන ලේකම්වරයාට කොවිඩ් 19 වෙයිරසය ආසධනය වී ඇති බව ද හදුනා ගෙන ඇත.            

ඒ අනුව මෙම භෝජනාගාරයේ ආහාර පාන ගනු ලැබූ ඉහත කී පාර්ලිමේන්තුවේ සියලුම විධායක නිලධාරීන් හට කොවිඩ් 19 වෙයිරසය ආසධනය වීමේ අවධානමක් මේ  වන විට මතුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න