ලෝකයේ ලොකුම වරායවල් පුද්ගලික අංශයට පවරා දී ඇති බවට වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් කරුණු සොයා බැලීමක් කරන ලද බවත් එහිදී අනාවරණය වූයේ ලෝකයේ විශාලතම වරායවල් දෙක වන සිංගප්පූරු වරාය සහ චීනයේ ෂැංහයි වරායේ ප්‍රාග්ධන අයිතිය සහ කළමනාකරණ අයිතිය රජයට අයත් සමාගම් විසින් දරණ බව යනුවෙන් දැඩි ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.
ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය එම පුවත වාර්තා කර ඇත්තේ "දයා රත්නායක මහතා පට්ටපල් බොරු කියයි-සිංගප්පූරු සහ ෂැංහයි වාරයන් අයිති රජයේ සමාගම් වලටයි" යන සිරස්තලය ඇතුවය.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන්කර ඇත.
මේ පිළිබඳව අප වරාය සේවක සංගම්වලින් විමසීමේදී ඔවුන් සඳහන් කළේ දයා රත්නායක මහතා සහභාපති කමක් වෙනුවෙන් තම වසර තිහක රණවිරු ගෞරවය හානි කරගනිමින් සිටින බවයි.

