පළමු අදියරේ ලක්ෂ 3කට එන්නත් !

පළමු අදියරේ ලක්ෂ 3කට එන්නත් !
 ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගයෙන් මෙරට ජනගහනයෙන් ලක්ෂ 03 ක් එන්නත් කළ හැකි වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
 
එන්නත් කරණය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සිදුකළ පෙරහුරුවලින් වැදගත් කරුණු රැසක් අධ්‍යයන කිරීමට හැකිවූ බවත් ඒ අනුව එක් මධ්‍යස්ථානයකින් පැයක් තුළ එන්නත් කළ හැකි පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් දැනටමත් දළ අවබෝධයක් ඇති බව ද ඔහු පවසා ඇත.
 
නෙත් පුවත් වෙත අද (25) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර  ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අනිද්දා දිනය වනවිට මෙරටට ලැබෙනු ඇති බවට  රජය විශ්වාසය පළ කරන බවත් ඒ අනුව එන්නත ලැබෙන දිනට පසුදා සිට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත බවත් ඒ පුවතේ දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න