සජබ නායකයන් පත්කරයි : හයෙන් එකේ සිටි චම්පිකව අටෙන් එකට දාලා ?

සජබ නායකයන් පත්කරයි : හයෙන් එකේ සිටි චම්පිකව අටෙන් එකට දාලා ?

සමගි ජන බලවේගය පක්ෂය අද (25)  පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පවත්වා ඇති අතර  පක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස පත්වී ඇති අතර පක්ෂයේ සභාපති වශයෙන් තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පක්ෂයේ ඉහළ තනතුරක් සඳහා අපේක්ෂා කර තිබූ චම්පික රණවක මන්ත්‍රීවරයාට ලැබී ඇත්තේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධූරයන් 8න්  එකකි. 

ඒ අනුව චම්පික රණවක, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී සමරවීර, කුමාර වෙල්ගම සහ රාජිත සේනාරත්න ඇතුළු 8ක්  ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් ලෙස පත්කර ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඊයේ (24) රාත්‍රිය වනතුරු චම්පික රණවක මන්ත්‍රීවරයාට කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට  කැඳවීමක් සිදුනොකිරීමට පමණක් නොව තනතුරක් ලබාදීමටවත් සූදානමක් තිබී නැත.

නමුත් සමගි ජනබලවේගය පක්ෂයේ තරුණ මන්ත්‍රී කණ්ඩායමක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සිදුකළ අඛණ්ඩ බලපෑම් හේතුවෙන් ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරක් ලබා ගැනීමට හැකිව ඇත.

1/6 සිටි චම්පිකව තවත් පහතට ?

අප ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ හෙළ උරුමයෙන් ඉවත්වූ චම්පික මන්ත්‍රීවරයා  43 සේනාංකය පිහිටුවීමෙන් පසුව සජිත් - චම්පික සම්බන්ධතා දෙදරා ගිය බවය. පසුගිය සමයේ චම්පිකට තිබූ තැන දැන් ෆීල්ඩ් මාර්ෂල්ට ලබාදී ඇති බවත්  එම ආරංචිමාර්ග පවසයි.

එසේම එම ආරංචි මාර්ග පවසන්නේ  සමගි ජනබලවේගය පක්ෂයේ මීට පෙර ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරු සඳහා යෝජනාව තිබුණේ  6ක් ලෙස බවත් එයින් එකක් සඳහා චම්පික මන්ත්‍රීවරයාව යෝජනා වී තිබුණු බවය. නමුත් චම්පික පාර්ශවය ඒ සම්බන්ධව එතරම් කැමැත්තකින් පසුව නැත. කෙසේ වුවත් දැන් සිදුව ඇත්තේ 1/6 ක් ලෙස තිබූ චම්පිකගේ තැන 1/8 ක් දක්වා පහතට දැමීමකි.

හරීන් ප්‍රනාන්දුට තනතුරු 2යි !

මේ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී වරයාට  පක්ෂයේ ප්‍රධාන තනතුරු 2ක් ලබා දීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කර ඇති අතර ඒ අනුව පක්ෂයේ උපසභාපති ධූරයත්, පක්ෂ මෙහෙයුම් ප්‍රධානී නතුරත් ඔහුට හිමිව ඇත.

ඉතුරු තනතුරු මෙන්න !

පක්ෂයේ මහලේකම්වරයා වශයෛන් පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් මද්දුමබණ්ඩාර තේරී පත්ව ඇති අතර නියෝජ්‍ය මහලේකම්වවරයා වශයෙන් නලින් බණ්ඩාර පත්ව ඇත.

පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා වන අතර  පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස අජිත් පී. පෙරේරා පත්ව ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න