චම්පිකට ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරක් නෑ : සාමාජිකත්වය පමණයි : සජබ නිල මතය

චම්පිකට ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරක් නෑ : සාමාජිකත්වය පමණයි : සජබ නිල මතය
සමගි ජනබලවේගය පක්ෂයේ පළමු කෘත්‍යාධිකාරී රැස්වීම අද (25) පවත්වා පක්ෂ නායක නිලතල සඳහා පත්වීම් සිදුකළ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක වෙත කිසිඳු තනතුරක් ලබානොදුන් බව එම පක්ෂයේ  නිල ආරංචිමාර්ග පවසයි.
 
ඒ අනුව අද පෙරවරුවේ එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් චම්පික මන්ත්‍රීවරයාට ජ්‍යෙෂ්ඨ උපසභාපති ධූර 8 ක් සම්බන්ධ පුවත ප්‍රතික්ෂේප කල පක්ෂ නිල ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ  චම්පික මන්ත්‍රීවරයාට පක්ෂ සාමාජිකත්වය පමණක් පිරිනැමූ බවයි.
 
 සමගි ජනබලවේග ප්‍රධාන කාර්‍යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වූ අතර එහිදී පත්කළ  නව නිළධාරි මණ්ඩලය පහත දැක්වෙයි.
 
 සමගි ජනබලවේගය පක්ෂයේ  2021 සඳහා පත්වූ නව නිළධාරි මණ්ඩලය මෙසේය :
 
නායක : සජිත් ප්‍රේමදාස 
 
ප්‍රධාන ලේකම්:  රංජිත් මද්දුමබණ්ඩාර 
 
සභාපති: සරත් ෆොන්සේකා 
 
භාණ්ඩාගාරික: ආචාර්ය හර්ෂ ද සිල්වා
 
 ජාතික සංවිධායක : තිස්ස අත්තනායක
 
ජ්‍යෙෂ්ඨ උප සභාපති: 
 
රාජිත සේනරත්න, කුමාර වෙල්ගම, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල ,ඉම්තියාස් බාකීර් මාකාර් , රවී සමරවීර
 
උප සභාපති: හරින් ප්‍රනාන්දු, තලතා අතුකෝරල, ගයන්ත කරුණාතිලක, පී. හැරිසන්, සුජීව සේනසිංහ, චන්ද්‍රානි බන්ඩාර, දිලිප් වෙදආරච්චි, ඒ.එච්.එම් හලීම්. 
 
මෙහෙයුම් ප්‍රධානී: හරින් ප්‍රනාන්දු
 
 ප්‍රධාන විධායක: අජිත් පී පෙරේරා 
 
නියෝජ්‍ය මහ ලේකම්වරු: ​​නලින් බන්ඩාර, අශෝක අබේසිංහ, රෝහිණී විජරත්න
 
 නියෝජ්‍ය ජාතික සංවිධායක: ජේ.සී. අලවතුවල, බුද්ධික පතිරණ.
 
මාධ්‍ය ප්‍රකාශක: එස්.එම් මරික්කාර් ,මනූෂ නානායක්කාර 
IMG 20210125 WA0001

sjb champika

 
 



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න