මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර යුක්තිය ඉටු නොවී මේ වන විට එකොලොස් වසරක් ගත වී තිබේ.
ඒ නිමිති කොට www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් ජනගත කිරීමට "එක්නැලිගොඩ සංසදය" කටයුතු සංවිධානය කර ඇත.
2021 ජනවාරි මස 25 වන සඳුදා සවස 4 සිට 6 දක්වා බොරැල්ල, ආචාර්ය ඇන්. ඇම් පෙරේරා පරිශ්‍රයේදී එම වෙබ් අඩවිය ජනගත කිරීමට නියමිත බව සංවිධායකයෝ පවසති. "ප්‍රගීත් එක්නැලිගොඩ නම් ඒ මානව ප්‍රේමියා අපෙන් උදුරාගෙන වසර 11යි!" එම වෙබ් අඩවියේ තේමාවයි.
එකොලොස් වසරක් පුරා අතුරුදහන් ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය සොයා තමන් කළ ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ ජීවත්ව සිටියදී ලිඛිත හා චිත්‍රයට නගන ලද සියල්ල එක්තැන් කරමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන බව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන ජාත්‍යන්තර සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාකාරිනි සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීමට ලක්ව සිටින සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා පිළිබද තොරතුරුද එම වෙබ් අඩවියේ ඇතුලත් කර ඇති බව සන්ධ්‍යා එක්නැලිගොඩ වැඩි දුරටත් සදහන් කරයි.
රටේ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වෙබ් අඩවිය ජනගත කිරීමේ මොහොතට විශාල පිරිසක් එක් කර ගැනීමට අපහසු නමුත් සිය මුහුණු පොත හරහා එදින සිදු කරන සජීවි විකාශයට එක්වන ලෙස ඇය ඉල්ලා සිටී.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නන්ට මෙන්ම අතුරුදහන් වුවන් පිළිබදව තොරතුරු ගවේෂණය කරන්නන්ට ද එම වෙබ් අඩවිය ප්‍රයෝජනයට ගන්නා ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ ඉල්ලා සිටි.
( මූලාශ්‍රය ලීඩර් )