රතුපස්වල නඩුව අප්‍රේල් මාසයට කල්යයි !

රතුපස්වල නඩුව අප්‍රේල් මාසයට කල්යයි !

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශයේ ජනතාව දියත්කළ උද්ඝෝෂණය අවස්ථාවේ පිරිසකට පහරදී වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව විභාග කිරීම අප්‍රේල් මාසයට කල්දමා ඇත.

ඒ  ඊයේ (29) මෙම නඩුව ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදීයි. 

යුද හමුදා නිළධාරීන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.මේනකා විජේසුන්දර, නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී මෙම නඩුව කැඳවා තිබූ අතර කෙසේ නමුත් නිමල් රණවීර මහාධිකරණ විනිසුරුවරයා රාජකාරි නිවාඩු ලබාගෙන තිබූ හෙයින් අප්‍රේල් 23 දක්වා නඩුව කල් තැබීමට සෙසු විනිසුරුවරුන් තීරණය කර තිබේ.

2013 වසරේ අගෝස්තු 01 වැනිදා රතුපස්වලදී මෙම සිදුවීම සිදු වූ අතර පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් හමුදා වෙඩි ප්‍රහාරවලින් මිය ගොස් තිබුණි.

යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකු වන අනුර දේශප‍්‍රිය ගුණවර්ධන, හමුදා සෙබළුන් වන ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ ලලිත් ග්‍රේ නමැත්තන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 94 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න