රට රස්සාවෙන් එවන ඩොලර්වලට මහ බැංකුවෙන් අලුත් නීතියක් !

රට රස්සාවෙන් එවන ඩොලර්වලට මහ බැංකුවෙන් අලුත් නීතියක් !

වාර්ෂිකව විදේශගත ශ්‍රමිකයන් මෙරට වාණිජ බැංකු තැන්පතු සඳහා එවන මුදලට සාපේක්ෂව 10%ක වටිනාකමින් යුත් ගෙවීමක් අදාළ බැංකුව විසින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු යැයි නව විධිවිධානයක් පනවා තිබේ.

මහ බැංකුව මෙම නියමය කළේ පසුගිය දිනවල සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතුන රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහාය.

මෙලෙස මුදල් මහ බැංකුවට ලබාගැනීම විදේශගතව සිට මුදල් එවන තැන්පත්කරුවන්ට හෝ ඔවුන්ගේ ගිණුම්වලට කිසිදු බලපෑමක් නැත.

වාණිජ බැංකුවලට විදේශගත ශ්‍රමිකයන් මුදල් එවූ විට එලෙස එවනු ලබන එක් ඩොලරයකට රුපියල් දෙකක දිරිදීමනාවක්ද රජය විසින් දැන් ගෙවනු ලබයි.

ඒ අනුව ඩොලරයක වටිනාකම රුපියල් 180ක්ව තිබියදී ශ්‍රමිකයකු මුදල් එවුවහොත් ඔහුට අදාළ බැංකුව එක් ඩොලරයකට රු.182/-ක් ගෙවනු ලැබේ. විදේශ ශ්‍රමිකයන්ගේ බැංකු තැන්පතුවලට ලැබෙන මුදලින් 10%ක වටිනාකමට සමාන තැන්පතුවක් මහ බැංකුව ලබාගන්නේ මහ බැංකු සංචිත තර කිරීම සඳහාය.

දැන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 8ක (ඩොලර් කෝටි 800ක) පමණ මුදලක් රජයට එවනු ලැබේ.

එයින් 10%ක තැන්පතුවක් සහ ඩොලර් මිලියන 800ක පමණ මුදලකි.

( දේශය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න