නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය සතියක් ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්

නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය සතියක් ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්

73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සියලු නිවාස , රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ වාහනවල ජාතික ධජය ප්‍රදර්ශනය කරන්නැයි රජය ඉල්ලීමක් කරයි.

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ , පෙබරවාරි මස 01වැනිදා සිට 07 වැනිදා දක්වා සතිය තුළ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙසය.

රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ලබන 03 සහ 04 යන දිනයන්හි විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙස ද සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රජය දැනුම් දෙයි.

ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර 73 වන ජාතික නිදහස් දින සමරු උළෙල කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් ලෙස ලබන 04 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න