වර්ජන තර්ජන මැද : වරාය ගැන ගැසට් එකක් !

වර්ජන තර්ජන මැද : වරාය ගැන ගැසට් එකක් !

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

ජනාධිපති ලේකම් විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ 02 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණපරිදිය.

ඒ අනුව, වරාය අධිකාරිය සපයනු ලබන සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

කෙසේ වෙතත් මේ වනවිට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වී සිටින අතර ඔවුන් පසුගියදා අවධාරණය කර සිටියේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වල වෙනසක් නැත්නම් එළඹෙන සඳුදා (පෙබරවාරි 01) සිට වෘත්තීය ක්‍රියාමාර්ග තවත් දැඩි කරන බවය.

144774196 1024880098003788 248982078990987968 n

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න