දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් කොමිසමක් !

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් කොමිසමක් !

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති  පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර ඇති අතර ඊට අදාළ ගැසට් පත්‍රය  ගෝඨාභය ජනාධිපතිගේ අණ පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් එය නිකුත්කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකොන්ගේ සභාපතිත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල කමිටුවක් මෙලෙස පත්කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේමා කුමුදුනී වික්‍රමසිංහ, අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් වෙයි.

2015 ජනවාරි මස 08 වන දින සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ෂණය කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු ලැබූ අතර එම වාර්තාවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය.

අදාළ වාර්තාට අනුව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත්කර තිබේ.

ඒ අනුව මාස 03 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමනයන් හා නිර්දේශවලට අනුව ලබාදෙන දඩුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න