ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවට ගේම දෙන පිරිසක් : ප්‍රමිතගේ අනාවරණයක් !

ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවට ගේම දෙන පිරිසක් : ප්‍රමිතගේ අනාවරණයක් !
ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක් ඉතා සූක්ෂම ලෙස ආණ්ඩුවට එරෙහිව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
 
දිගින් දිගටම මේ කටයුත්ත සිදු කළහොත් පසුපෙළ මන්ත්‍රීවරු ලෙස ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
 
මන්ත්‍රීවරයා මේ බව සඳහන්  කළේ මාතලේ නාවුල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
 
ආණ්ඩුව කුමක් කරන්න ගියත් එම පිරිස විරුද්ධ වන බවත් එම කණ්ඩායම අතර කැබිනට් ඇමැතිවරුන් සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී  පැවසීය.
 
අදාළ පිරිස විසිවැනි සංශෝධනය ගෙන එන අවස්ථාවේදීද විරෝධය එල්ල කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළ අතර ආණ්ඩු පක්ෂයේම ඇතැමුන් ජනාධිපතිගේ කකුලෙන් අදින්නේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති බවත් පසුපෙළ මන්ත්‍රීවරු ලෙස ජනාධිපතිගේ වැඩපිළිවෙළට 100%ක් සහයෝගය ලබාදෙන බවත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න