Language Switcher

V2025

තිස්ස..! තිස්ස..! හරි වැඩේ නේද ?

වර්ථමානයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ලෝකෙටම එකක් උන Crudia zeylanica හෙවත් පණු කරඳ ගහේ සත්‍යය, සවිස්තරාත්මක පාරිසරික සාක්ෂරතාව නම් වටිනා විෂය තුලින් අවබෝධ කරගැනීම අතිශය වැදගත් මූලික කාරණාවක් වනඅතර එය වත්මන් දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට නොමැති වීම අතිශය අභාග්‍ය සම්පන්න කරුණකි.

නෂ්ට වී ගිය ශාක විශේෂයක් ලෙස ජාතික රතු දත්ත නාමාවලියේ (2012) සදහන් වූ crudia zeylanica හෙවත් පණු කරඳ නම් ශාකය ගම්පහ දාරලුව දුම්රිය ස්ථානය ආසන්නයේ පරිසර පද්ධතියෙන්  හමුවීම සහ එය රැකගැනීමේ වැදගත්කම වනාහි  කාලයක් තිස්සේ පරිසර විද්‍යාඥයින් ලොව පුරා පාරිසරික ක්ෂේත්‍රයන් හි සිදු කරන ලද පරීක්ෂණ,නිරීක්ෂණ හා නිගමයන් ලෙස එය අප මිහිකතින් කිසිදා දැකිය නොහැකි ලෙස විනාශ වී ගිය ශාක විශේෂයක් ලෙස හඳුනාගෙන වාර්ථාකල හෙයිනි.

WhatsApp Image 2021 02 12 at 4.31.29 AM

ICUN ආයතනයෙ රතු දත්ත නාමාවලියට අනුව ජීවීන් වර්ග කරන ආකාරය !

මෙහෙදී ප්‍රධාන වශයෙන් මූලික කොටස් තුනකට වර්ග කෙරන අතර, ඒ  * නෂ්ඨ වූ ජීවී විශේෂ/EXTINCT ( EX ) * වනමය නෂ්ඨ වූ ජීවී විශේෂ/EXTINCTING THE WILD ( EW) *  වඳවීයාමේ තර්ජනයට ලක්වූ ජීවී විශේෂ ලෙසය.

එය තවත් ප්‍රධාන උප කොටස් තුනක් ලෙසද වර්ගීකරණය වී ඇත.

ඒ , * අතිශය අන්තරායට ලක්වූ ජීවී විශේෂ/Critically Endongered ( EN ) * අන්තරායට ලක්වූ ජීවී විශේෂ/Endongered ( EN ) *  අන්තරායට ලක්විය හැකි ජීවී විශේෂ/VULENEBLE ( VU ) ලෙසය.

ඉහත ආකාරයෙන් අපොස උසස් පෙළ ජීව විද්‍යා සම්පත් පොතෙහි විශය නිර්දේශ ප්‍රකාරව පරිසර සාක්ෂරතාව ඉගනීමේ වැදගත්කමට අදාලවන සුවිශේෂී විෂය නිරිදේශයක්ද ඇතුලත්ව ඇත.

WhatsApp Image 2021 02 12 at 4.31.29 AM 1

කෙසේ නමුත් ලොවින් වඳවී ගිය ලෙස වර්ශ 2012 සිට පමණ සලකාතිබූ කෲඩියා සෙලනිකා රනිල ශාකය දැවැන්ත වෘක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවෙන් සොයාගැනීම දෙස් විද්‍යාඥයින්ට හා පරිසර වේදීන්ට ඉතා අමිල මිළකල නොහැකි මැණිකක් බඳුවන බව ප්‍රවීණ විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත..

රනිල කුලයේ ශාකයක් ලෙස පසේ නයිට්‍රජන් තිරකරක ක්‍රියාවලියට දායක වන මිහිකතටම හිමි පාරාදීසය අප මාතෲ භූමිය වීම වෙස්වලාගත් ආශිර්වාදයක් බව අති බහුතරික දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම පුරවැසියන්ටද කිසිඳු අවබෝධයක් තැකීමක් නොමැති වීම ශ්‍රී ලාංකේය ජාතියක අවසානවම බවට අටුව ටීක අවැසි නැත.

මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් බිළිදීමට නියමිත දැවැන්ත කෲඩියා සෙලනිකා වෘක්ෂය සංරක්ෂණ කල හැකිද?

ලොව පිලිගත් පරිසර ජීවීන් සංරක්ෂණ ක්‍රම දෙයාකාරයකි...එනම් 1. ස්ථානීය සංරක්ෂණ / IN - SITU- CONSERVATION 2. පරිභාහිර ( විතැන් ) සංරක්ෂණය / EX - SITU - CONSERVATION වශයෙනි.

මෙහෙදී මූලිකව සත්ව විශේෂයක් පරිසර පද්ධතියෙන් පරිභාහිරව ( විතැන් ) සංරක්ෂණයකට භාජනය කල හැකි උවත් ශාඛ විශේෂයක් එසේ විතන් සංරක්ෂණයකට භාජනය කිරීමේදී අතිශය දැඩි අවධානම් සහගත තත්වයන්ට මුහුණ දීමට සිදුවන බව ජීව විද්‍යාත්මක මතය වනු ඇත.

එමෙන්ම සොභාදහමේ ආශ්චර්යයක් ලෙසින් අප මාතෲ භූමියෙන් මිහිකතට දායාද වූ නෂ්ඨ වූ ශාක විශේෂයක් වන කෲඩියා සෙලනිකා දැවැන්ත වෘක්ෂය එම පරිසර පද්ධතියෙන් ඉවත් කර විතැන් සංරක්ෂණයකට භාජනය කිරීමේදී ඇතිවිය හැකි මෙන්ම නොවැලැක්විය හැකි දරුණු අවධානම් සහගත තත්වයන් පිළිබඳ වැඩිදුරටත් පවසන ප්‍රවීණ දේශක තිස්ස ජනනායක  පවසන්නේ, මේ මහා වෘක්ෂය අදාල පාරිසරික පද්ධතිය තුල විරාජමානව, ඉතා හොඳින් විහිදුනු දැවැන්ත ප්‍රධාන මූල පද්ධතියක් හා ප්‍රධාන මුල් හා සම්බන්ධ අවශේෂ කුඩ කුඩා මූල පද්ධතියක් විසින් පස හා සම්බන්ධව ඇති අතර එය එම විශාල වෘක්ෂයේ පෝෂණයට ඍජුව ඉවහල්වන බවත් වෘක්ෂය හා පස අතර ඇති සම්බන්ධ හිතකර පාංශු ක්ෂුද්‍රජීවීන් හා සහජීවනයෙන් පෝෂණය ලභාගන්නා අතර එය ZIM BIOTIC ලෙස හඳුන්වන බවත්ය.

එවන් සංකීර්ණ බැඳීමක් ස්තානීය පාරිසරික පද්ධතියෙන් වෙන්කොට අති විශාල අවධානමක් ලභාගැනීම කිසිසේත්ම සිදු නොකල යුතු ක්‍රියාවක් බවත් එසේ සිදුකිරීමෙන් යම් හෙයකින් එම වෘක්ෂයේ ස්වාභාවික පැවැත්මට හානි වී විනාශ වී ගියහොත් කුඩා පැල කීපයක් හෝ තවත් ස්වල්ප ශාක කීපයක් සොයාගෙන ඇතැයි ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්ථා කලද එකී වාර්ථා සත්‍ය උවද වනමය නෂ්ඨ ජීවී විශේෂ කාණ්ඩ / EXTINCTING THE WILD තත්වයට ඇතුලු වීමේ අතිවිශාල අවධානම් සහගත ඉඩක් ඇති බවත් එවන් තත්වයකට පත් උවහොත් අනිවාර්යයෙන්ම නෂ්ඨ වූ ජීවී විශේෂ / EXTINCT ( EX ) තත්වයට පත්වීමේ අවධානම වළකාගැනීමට හැකි නොවන බවත්ය.

WhatsApp Image 2021 02 12 at 4.31.30 AM

එසේම පාරිසරික සාක්ෂරතාවක් පිළිබඳ කිසිදු දැනුමක් නැති දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හ පුරවැසියන් එක්ව ලෝකයේ ප්‍රථම වතාවට මිහිකතෙන් වඳවී ගියා සේ සැලකූ එහෙත් එකී ශාක විශේෂයක් සොයාගත් එකම රට ලෙස එම ශාකය විනාශ කිරීම පිණිස අමනෝඥ තර්ක ඉදිරිපත් කල එකම රට ලෙස ඉතිහාස ගතවන බවත් ආන්දෝලනාත්මක කෲඩියා සෙලනිකා ගස නිසා මධ්‍යම අධිවේගී මාර්ගය හෝ ලොවක් වටින මහා වෘක්ෂය ද අහිමි කරනොගෙන පාරිසරික ශක්‍යතා වාර්ථා අනුව මාර්ග සැලැස්මේ යම් වෙනසක් සිදුකොට ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට කටයුතු යොදන ලෙසත් දැනටමත් එම ස්ථානයේ පාරිසරික පරිශ්‍රයට හානිවී ඇති බැවින් ඒ ගැන සිතා කටයුතු කරන ලෙසය.

සියළු පරිසර හිතකාමී පුරවැසියන් ලෙස මිහිකතේ අසිරිමත් බවට අගයක් එකතු කල නෂ්ඨ වී ගියා යැයි සිතාසිටි මහා කෲඩියා සෙලනිකා වෘක්ෂය මතු අනාගතය වෙනුවෙන් ආරක්ශා කලහොත් ග්‍රීන් ගෝල්ඩ් GREEN GOLD සංකල්පය අනුව විශේෂයෙන්ම සංචරක ව්‍යාපාරයටත් ලෝක උරුමයක් ලෙසත් අප මාතෲ භූමියට මිළ කල නොහැකි අගයක් වටිනාකමක් එක් වන බව නැගෙනහිරින් හිරු පායනවා සේ ඒකාන්ත වනු ඇත.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ

ඉතාලිය