කෙහෙලියගේ උත්සවයෙන් පස්සේ පාසල්වල උත්සව තහනම් වෙයි !

කෙහෙලියගේ උත්සවයෙන් පස්සේ පාසල්වල උත්සව තහනම් වෙයි !
ජනාමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිරෝධායන පිළිවෙත් ද උල්ලංඝණය කරමින් පාසල් සිසුන් ද සහභාගි කරවාගෙන උත්සවයක් පැවත්වීමෙන් පසුව පාසල්වල උත්සව පැවැත්වීම තාවකාලිකව නතර කිරීමට අධ්‍යාපන ලේකම් කටයුතු කර ඇත.
 
මේ සම්බන්ධව ලංකා ගුරු සංයමය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
 
පාසල්වල උත්සව පැවැත්වීම තාවකාලිකව නතර කිරීමට අධ්‍යාපන ලේකම් කටයුතු කරයි !

කෝවිඞ් 19 ව්‍යාප්තිය තුළ පාසල්වල උත්සව ඇතුළු වෙනත් බාහිර කි‍්‍රයාකාරකම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක‍්‍රලේඛයක් පවා නිකුත් කොට තිබියදී විවිධ උත්සව පැවැත්වීම දක්නට ලැබුණි. එසේම පෙබරවාරි 12 දින මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ ජනාමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිරෝධායන පිළිවෙත් ද උල්ලංඝණය කරමින් පාසල් සිසුන් ද සහභාගි කරවාගෙන උත්සවයක් පවත්වා තිබුණේ එම පාසලේ දරුවන් සිව්දෙනෙකුට සහ ගුරුවරියකට කෝවිඞ් 19 ආසාදනය වී තිබියදීය.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කළ අතර, 2021.02.15 (අද දින) අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් ED/09/12/06/05/01-2021-sub IV  අංකයෙන් යුතු ලිපියක් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කොට්ඨාස අධ්‍යක්ෂවරු, පරිවේණාධිපතිවරු සහ විදුහල්පතිවරු වෙත දැනුම් දී ඇත්තේ කෝවිඞ් 19 වසංගත තත්වය තුළ නැවත දැනුම් දෙන තුරු පාසල්වල උත්සව පැවැත්වීම අත්හිටුවන බවයි. එසේම ඉදිරියේ දී එවැනි උත්සව පැවැත්වීම සඳහා දැනටමත් කටයුතු සංවිධානය කර ඇත්නම් එම කටයුතු ද නතර කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ද එම ලිපිය මගින් දැනුම් දී ඇත.

කෝවිඞ් 19 ව්‍යාප්තිය වැලැක්වීම වෙනුවෙන් අධ්‍යාපන ලේකම්වරයා විසින් ගන්නා ලද මෙම කි‍්‍රයාමාර්ගය පිළිබඳව අවධානය යොමු කර පළාත් අධ්‍යාපන බලධාරීන් මෙම නියෝගය කි‍්‍රයාත්මක කිරීමට අදාළ කටයුතු සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න