පොලිස් හොරු හොයන්න බුද්ධි අංශ !

පොලිස් හොරු හොයන්න බුද්ධි අංශ !

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමට ලැබෙන නිර්නාමික පැමිණිලි සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා තොරතුරු සෙවීමට තීරණය කර තිබේ.

පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු  සඳහන් කළේ, ඒ සම්බන්ධ උපදෙස් පොලිස්පතිවරයාට ලබාදුන් බවය.

ඒ අනුව නිර්නාමික පැමිණිලිවල අන්තර්ගත කරුණු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කර වැරදි කළ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

පොලිස් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ද උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස් කොමිසමට ලැබෙන ඇතැම් නාමික පැමිණිලිවල නිසි තොරතුරු සටහන් නොවීමෙන් ඒ පිළිබඳව විමර්ශනයට බාධා මතුව ඇති බව ද පොලිස් කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය.

එබැවින් පැමිණිල්ලක් යොමු කරන්නේ නම් එය විමර්ශනයට හැකි වන පරිදි දත්ත ඇතුළත් විය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කරන්නන්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු  වැඩිදුරටත් පැවසීය.

news 1st 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න