වන හා පාරිසරික විනාශය දැවැන්තව සිදුවෙනවා - ආරක්ෂක ලේකම් !

වන හා පාරිසරික විනාශය දැවැන්තව සිදුවෙනවා - ආරක්ෂක ලේකම් !

වත්මන් රජය බලයට පත්වීමත් සමගම දැවැන්ත වන හා පාරිසරික විනාශයක් සිදු වෙමින් පවතින බවත් එය අමු අමුවේ කැලෑ එළිකරන තත්වයක් බවත් වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් රාජ්‍ය නිළධාරීන් සමග සාකච්ඡාවකදී ප්‍රකාශ කලා…

ජාතික ආරක්ෂාව තර කර ස්වාභාවික පරිසරය රකිමින් සෞභාග්‍යයයේ දැක්මක දැක්ම !

වත්මන් පාලනය බලයට ඒම වෙනුවෙන් අතොරක් නොමැති අතිශය ප්‍රශ්න ගැටළු රැසක් නිර්මාණය කොට " අර්බුද නිර්මාණය කරමින් බලයට එන්නෝ අර්බුද තුලින්ම විනාශය වේ" යන කියමන යථාර්ථයක් කරමින් මේ මොහොත වනවිට එසේ පාරම් බෑ ඉහළ පෙලේ දේශපාලකයින්ට මෙන්ම ඔවුන් බලයට ගෙන ඒමට, ජනතාවට සිහින සහ බලාපොරොත්තු සිල්ලරට විකිණූ රජයේ ඉහල තනතුරු දරන පිරිස් වලටද අද වනවිට උතුර දකුණ මාරුවී ඇති බවක් පෙනේ…. එය පැහැදිලිවම " කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරේ"  වැනිය. වර්ථමානයේ සිදුවෙමින් පවතින සාපරාධී දැවැන්ත වන හා පාරිසරික ඝාතන රැල්ලට වගකිවයුත්තෝ කිසිවෙක් අද නැත….ඇපෙන් ගැලවෙන්නට අද විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නලා අළුත් නාඩගමක් අරඹමින් ඇත...එනම් යම්තාක් දුරකට සමාජ මාධ්‍ය හරහා එල්ල වෙමින් පවතින දැඩි විරෝධය හමුවේ සිදු වන විනාශය පිලිගනිමින් එය රාජ්‍ය නිලධාරීන් පිට පටවමින් අත පිසදාගැනීමය….

ජන හා සමාජ මාධ්‍ය විරෝධතා මග හරින අලුත් සෙල්ලම……..

 මෙසේ වත්මන් රජයට එල්ලවන දැඩි පාරිසරික වන සම්පත් විනාශය සීරුමාරුවට යම් පිරිසකගේ නොපනත්කම් ලෙස පෙන්වමින් ඇග බේරා ගැනීමේ කදිම උපාය කාගේදැයි අපි නොදනිමු…...ඒ කෙසේ වෙතත් මේ නිශ්චිත මොහොත වනවිටත් සිදුකර ඇති සාපරාධී මහා පාරිසරික ඝාතයන්වලට වගකිවයුත්තන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන සේයාවක් හෝ දකින්නට නැත….. මාධ්‍ය සාකච්ඡා පවත්වා මාර වැඩේ උනේ අපි මේ ගැන කණගාටු වෙන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන බවත් ප්‍රකාශ කොට හිසරදට කොට්ට මාරු කරන පම්පෝරි ඔස්තාර්ලා ගේ හෙජමොනික සට්ටැඹි ක්‍රියාවන් තුලින් වර්ථමාන පුරවැසියා කිසි ලෙසකින් නොමඟ යැවීමට නොහැකි බව ඔවුන් සිහි තබාගත යුතු බව පමණක් අවධාරණය කිරීමට සිදුවන අතර දිගින් දිගටම සිදුවන මිහිකතේ අවසානය ලඟා කරනා මහා සාපරාධී පාරිසරික ඝාතන නොවලක්වමින් ඊට අදාලව නීතිය ක්‍රියාත්මක නොකරමින් සිදුකරමින් සිටින මුග්ධ අපරාධයට වන්දි ගෙවන දිනය වැඩි ඈතක නොව නුදුරේදීම අත් විඳීමට සිදු වනවා නියතය… සීලාචාර පරිසරහිතකාමී පුරවැසියන් අඳුර බිඳින,  කඩතුරා බිඳ හෙලන දිනයට ලං වෙමින් ඇත……

සුමුදු මද්දුමආරච්චි

මිලානෝ ඉතාලිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න