රනිල් - සජිත් යළිත් දීගයකට සාකච්ඡා : කපුකම තලතාගේ !

රනිල් - සජිත් යළිත් දීගයකට සාකච්ඡා : කපුකම තලතාගේ !

දේශාපාලන ක්ෂේත්‍රයේ තවත් ආන්දෝලනයක් ඇතිකළ පසුගියදා සිදුවූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවේදී වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුභවාදී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

නායක දෙපළගේ මෙම හමුව වෙනුවෙන්  සම්බන්ධීකරණ කටයුත්ත සිදුකර ඇත්තේ තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය විසින් බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

එජාප- සජබ දෙපාර්ශවයටම සම්බන්ධතා ඇති ප්‍රබලයකුගේ නිවසේ මෙම හමුව සිදුව ඇති අතර එහිදී මුලික අවධානයක් යොමුව ඇත්තේ වත්මන් ආණ්ඩුව පත්කළ දේශපාලන පළිගැනීම් ගැන ක්‍රියාකළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යන ආකාරය පිළිබඳවය. එහිදී විරුද්ධ පක්ෂ නායක දඩයමක් වෙනුවෙන් ආණ්ඩුව කැස කවමින් සිටින බවත් ඒ වෙනුවෙන් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත් කම කෙරෙහි අවධානය යොමුව ඇති බවත් ඊට දෙපාර්ශවය එකඟව ඇති බවත් දැනගන්නට ඇත.

සජිත් පාර්ශවයෙන් තවත් බෝලයක් !

මෙහිදී සාකච්ඡා සුහදව යන අතරේ සජිත් පාර්ශවය තවත් යෝජනාවක් කරමින් තවදුරටත් සජබ - එජාප ලෙස බෙදී සිටීම වෙනුවට පක්ෂ දෙක එකතු කිරීම ගැන එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ස්ථාවරය විමසා ඇත. එහිදී සජිත් පාර්ශවය වැඩිදුරටත් පවසා ඇත්තේ, පක්ෂ නායකත්වය සජිත්ට සහ පක්ෂයේ ගෞරවණීය තනතුරක් එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට සූදානම් බවය.

 

 

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න