මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි රචිත ග්‍රන්ථ දෙකක් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වති

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි රචිත ග්‍රන්ථ දෙකක් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වති

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි විසින් රචිත ග්‍රන්ථ දෙකක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ 25 දින පස්වරුවේ පිළිගැන්වනු ලැබූහ.

රන් හීය සහ හෙළ වෙදකමේ යටගියාව නැමති ග්‍රන්ථ ද්විත්වය මෙසේ ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූහ.

උත්සවය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.

සිළුමිණ පුවත්පතට ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ හීය නමින් ලියූ තීරු ලිපි සමුච්ඡයෙන් තෝරාගත් ලිපි එකතුවක් රන් හීය ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ. හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථය ඉපැරණි හෙළ වෙදකමේ අක්මුල් සෙවීමකි. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ ඇතුළු මහා සංඝරත්නය මෙම උත්සවයට වැඩම කළහ.

මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන මහාචාර්ය චන්න ජයසුමන, සීතා අරඹේපොළ, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්වන යදාමිණි ගුණවර්ධන, ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න